දීර්ට අගෝස්තු මාසය පටන් ගන්න උනේම විභාගෙකින්.හරියටම කියනවනම් දීර්ගෙ ජීවිතේ වෙනස් කරන කඩයිම මේක.මාස ගානක් පුරාවට දීර් ඉගෙන ගන්න උන මහන්සියත් එක්ක මේ කඩයිමෙන් ජය ගන්න එයාට බැරි වෙන්නෙ නැහැ කියලා මට විශ්වාසයි.
අගෝස්තුවෙ භාගයක් ගෙවිලා ගියෙ විශයන් දෙකකට දීර් දැනටමත් මුහුණ දීලා ඉවර වෙද්දි.තව ඉතුරු රසායන විද්‍යාව විතරයි.ඒකත් අගෝස්තු විසි වෙනිදායින් ඉවරයි.
අන්තිමේදී ඒ දවසටත් ඉර පෑයුවා.තාම වෙලාව එකොලහ මාරයි.එකොලහයි හතළිස් පහට දීර්ගෙ විභාගෙ ඉවර වෙන්නෙ.මේ දවස් ටිකේම වගේම අදත් මම එයා එනකම් එයා විභාගෙ ලියන ඉස්කෝලෙට එහා පැත්තෙ තියන කැෆේ එකට වෙලා හිටියා.
" අයියෙ.. "
" අහ් දීර්.. ආවාද ? "
" ඔව්.. මොනවද කල්පනා කරන්නෙ ? මම එනවා දැක්කෙත් නැ නේද ? "
" විශේෂයක් නැ දීර්.. මම අර මීට ටික දවසකට කලින් කතා කරපු ඩිවෝස් කේස් එක ගැන හිත හිත හිටියෙ ? "
" අහ්.. මට ඒ ගැන අහන්නත් අමතක උනානෙ මේ විභාගෙ එක්ක.. මොකද උනේ ඒකට ? "
" අවුලක් උනේ නැ.. ඒත් අනේ මන්දා වස්තුව.. මට ඒ ලේඩි ගැන දුකයි.. "
" ඒ ඇයි ? "
" එයාලා බැඳලා තියෙන්නෙ අවුරුදු හයක් ආදරේ කරලා.. ඒත් අන්තිමට ඒ ලේඩිට උනේ අවුරුද්දක කිරි සප්පයෙක් එක්ක තනි වෙන්න.. "
" අනේ දෙයියනේ.. "
" ම්ම්.. කොච්චර කොහොම හිටියත් මිනිස්සුන්ව විශ්වාස කරන්න බැ මගෙ දීර්.. ඒ ලේඩි පොළොවෙ පස් කාපු නැති ටික විතරයි එයාවයි දරුවවයි තනි කරන්න එපා කියලා.. ඒත් අර මිනිහා නෙමෙයි ඒ දිහා ඇහැක් ඇරලා බැලුවෙ.. "
" ඒවට අපිට කරන්න දෙයක් නැ මගෙ ජානු.. ඕවා හිතලා ඔයා දුක් වෙන්න එපා.. "
" ඒක හරි.. ඒ ගැන හිතන්න එපා.. ඉතින් කියන්නකො.. කොහොමද විභාගෙ ? "
" අමාරුයි.. ඒත් අවුලක් නැ.. A එකක් එයි.. "
" එහෙනම් කමක් නැ.. ඔයාට මෙහෙන් මොනා හරි අරන් දෙන්නද නැත්තම් දෙළහටත් කිට්ටු එකේ ලන්ච් එකම ගමුද ? "
YOU ARE READING
White Lotus [ BL Nonfiction ]
Fanfic" මගෙ දීර් දන්නවද.. නෙළුම් මලක් ඉපදෙන්නෙ මඩේ උනාට මේ ලෝකෙ යන්න පුලුවන් ශ්‍රේෂ්ඨතම තැන උන බුදු හාමුදුරුවන්ගේ දෙපා මුලටම යන්න තරම් වාසනාවක් තිබ්බ මලක්.. ඉතින් ඔයා ඉපදුනෙත් මඩ ගොහොරුවක වෙන්න පුලුවන් ඒත් ඔයාට පුලුවන් නෙළුමක් වගේ මඩෙන් ගොඩ ඇවිත් ලස්සනට ප...