Chapter 20

654 78 29
                                    

අදට කුකී ප්‍රග්නන්ට් වෙලා මාස හතක් වෙනවා. මේ මාස හතට ගොඩක් දේවල් වෙනස් වෙලා. ඉස්සර හුරතලේට හිටපු කුකී දැන් කොස්ස ලගින් මැස්සා ගියත් කේන්තියෙන් පුපුරනවා. ඉස්සර මොන කවුරු මොන වැරද්දක් කරත් කට වහන් ඉන්න කුකී දැන් නිකනුත් අනිත් අයට බනිනවා. මේ නිසාම යුංගී තාවකාලිකව කිම් මැන්ෂන් එකට එන එක නවත්තලා තියෙන්නේ. මොකද කුකීගෙන් වැඩි පුරම බැනුම් අහන්නේ යුංගී නිසා. අනිත් එක යුංගී මේ දවස් වල ගොඩක් බිසී එක තාර පැටියෙක් එක්ක.

කුකීගේ ගතිකුණ විතරක් නෙමෙයි කුකීත් දැන් ගොඩක් වෙනස් වෙලා. ඉස්සර හිටපු කෙට්ටු ලස්සනකට හිමිකම් කියපු  සෙක්සී කුකී නෙමෙයි දැන් ඉන්නේ බෝල ගෙඩියක් වගේ හුරතල් කුකී කෙනෙක්. ප්‍රග්නන්ට් වුණ මුල් කාලේ වගේ නෙමෙයි දැන් කුකීට අඩි දහයක් වත් ඇවිදින්න බෑ. ඉතින් කුකී ගොඩක් වෙලාවට කරේ නිදා ගන්න එක මොකද ගොඩක් වෙලා ඉදන් හිටියමත් කොන්ද රිදෙන්න ගන්නවා. එයාගේ වැඩේ කකා බිබී ඇදට වෙලා ඉන්න එක. කුකීට අතට පයට වැඩ ටික කරලා දෙන්න එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම හිටිය නිසා කුකී දෙන්නගෙන්ම මරව මරව වැඩ ගත්තා. එයාට කියලා තිබ්බ එකම වැඩේ එයාලගේ බබලා දෙන්නත් එක්ක කතා කරන එක. ඔව් කුකීට ලැබෙන්න ඉන්නේ ටුවින්ස්ලා. ඒක ඒ තුන්දෙනා දැන ගත්තේ කුකී ප්‍රග්නන්ට් වෙලා මාස හතරකට පස්සේ. එදා ඒ තුන්දෙනා ගොඩක් සතුටු වුණා.

ඔව් මේ මාස හතට වී යී ටේයී ටිකක් ලගින් ආශ්‍රය කරා. මුල් දවස් වල ටේ එයාට ඔෆිස් යන්න තිබ්බ දවස් වල හාෆ් ඩේ දාගෙන ගෙදර ආවත් පස්සේ පස්සේ ඒ දේ ටේ කරේ නෑ. මුල් දවස් වල කුකී වී ත් එක්ක යන්න කැමති වුනේ නැති වුණත් පස්සේ කුකීත් ඒකට විරුද්ධත්වයක් පෙන්නුවේ නෑ. මේ ගෙවුන මාස හත ඇතුලත ඒ තුන්දෙනාම එක එක්කෙනාව ටික ටික තේරුම් ගත්තා. මෙතන වෙනස් කමක් වුණා නම් වුනේ ටේට. මොකද දැන් කුකී කන්නෙත් ස්පයිසි ෆුඩ් ඉතින් සමහරක් දවස් වලට ටේට කන්න වුණේ කඩින්.

ම්ම්ම්......හුංගී..
     කුකී නැගිට්ටේ බඩේ ඉන්න දගයෝ දෙන්නා කරපු හපන් කම් වලින්. නැගිටිලා වෙලාව බලනකොට වෙලාව පාන්දර දෙකයි. කුකී තමන්ගේ එහා පැත්තේ නිදන් ඉන්න ටේ දිහා බලලා ටේට කතා කරේ බඩගින්නක් හැදුන නිසා. කුකී කොච්චර කතා කරත් පොඩි මිමිනිල්ලක් කරපු ටේ අනිත් පැත්ත හැරිලා නිදා ගත්තේ අද දවසම එයා ගොඩක් මහන්සී වුණ නිසා ටේ හිටියේ තද නින්දක. ටේ දිහා බලලා කුකී හිමින් ඇදෙන් නැගිට්ටේ කිචන් එකට යන්න. බඩගිනි නිසා මොනවා හරි හදාගෙන කමු කියලා පහලට ආපු කුකී දැක්කේ ලැප් එකේ වැඩක ඉන්න වී ව. වී දිහා එක පාරක් බලපු කුකී කිචන් එකට ගිහින් රැමෙන් එකයි කොෆී එකයි හදාගෙන හොල් එකට ආවේ තාර පැටියෙක් වගේ.

HYUNG Where stories live. Discover now