10.මේ රෝස මල මගේ. තේරුනා ද?

489 64 40
                                    

අද සිතෙව් ට ඕන උනා වෙනද ට කලින් කැම්පස් යන්න. වෙනදට හෙනම වදෙන් පොරෙන් අනුධ සිතෙව් ව ලෑස්ති කරව ගන්නෙ. අද නම් ඒ රාජකාරිය කරන්න තිබුන්නැ. අද lectures තියෙන්නෙත් නමයයි ගානකට. තාම 8 ටත් නෑ. අනුධ ඒත් කල්පනා කලා අච්චර රෑ වෙනකම් නෝට් පවා ලියල මේ මනුස්සයා උදේ ම ලෑස්ති උනේ කොහොමද කියල. අනුධ ට ජොබ් එකේ ප්‍රමෝශන් එකක් හම්බෙයි වගේ දැන් නම්.

"කොටි හපුවෝ... එනවකො යන්න "

උදේ ම සිතෙව් ගෙ කිංකිණි නාදය දරාගන්න බැරි ම තැන අනුධ කාමරෙන් එළියට ඇවිත් පඩිපෙල බැස්සෙ ඇදුමෙ කෑලි කෑලි අතින් කටින් එල්ලගෙන. මේස් දාන් හිටියට සපත්තු දෙක අතේ. සුදු පාට කෝට් එක කරේ. පිස්සෙක් පිහාට්ටෙක් ගානයි.

"උබ කුකුලත් අරන් කැම්පස් යන්නෙ මල්සරාව බලන්න ද ?"

"උබට ඔල්මාදෙද "

සිතෙව් කොච්චර හංගන්න හැදුවත් ලේ පිරිලා රතු ගැහුන කම්මුල් හින්දා අනුධ ට සිතෙව් ගෙ හිත අස්සෙ තියන එව්ව අදුන ගන්න මහ ලොකු අමාරුවක් උනේ නම් නැ.

"ඔව් ඔව්.. මට ඔල්මාදෙ හැදෙනව තව ටික දවසක් ඔහොම ගියොත්. අනේ වදින්නම් ඉක්මනට සෙට් වෙයල්ලකො බං."

"අර්ශ්.. මොනා කියනව ද මංදා.. "

"අව් අව්... බලහංකො පැණි මූණ හ්හ්.. උබ කොහොමද යකෝ මට හංගන්නෙ. උබ මල්සරාට ලව්."

"බොරු කියන්න ඕන්නෑ නෙ අනුවා.. ලව් ද නැද්ද කියල මං දන්නෑ. ඒත් මොකක් දෝ ගලපගන්න බැරි හැගීමක් තියෙනවා බං. මට තේරෙන්නැ."

"මොකද ආයෙ නොතේරෙන්නෙ. උබට හොදට තේරෙනව. උබ නොතේරෙනව වගේ ඉන්නව."

"උබ නම් කියයි අනුධ ඒ උනාට ඊටපස්සෙ වෙන දේවල් ගැනත් මං හිතන්න ඕනි කියල මතක් වෙද්දි මගෙ හිත ආයෙම පස්සට යනව"

"උබ හිතනව වැඩී බං. දැන් වත් පොඩ්ඩක් උබෙ සතුට ගැන හිතල වැඩ කරපන්. මොකද්ද බං ඔය ජීවිතේ. කාගෙවත් රූකඩයක් ගානට."

සිතෙව් බර හුස්මක් පාත දැම්මා. සිතෙව් ළගට කිට්ටු උන අනුධ සිතෙව් ගෙ උරහිසට තට්ටුවක් දැම්මා.

"හිතට දැනෙන දේ කරපන් මචන්"

අනුධ කිව්වෙ එච්චරයි . කාර් එකේ කී එක සිතෙව් ගෙ අතින් ගත්තු අනුධ ගෙදරින් එළියට යද්දි සිතෙව් කොහෙදෝ කල්පනාවක අතර මං වෙලා ඉදල පියවි සිහියට ඇවිත් ගෙදර දොරත් ලොක් කරන් යතුර ගේ ඉස්සරහ තිබුන පුංචි රව්ම් හැඩයක් ගත්තු පතොක් පෝච්චිය යටින් තිබ්බා.

සුදු රෝස [Non fic] (completed)Onde histórias criam vida. Descubra agora