සිරිතිජි මති තේජෝ ජය සිද්දි මහිද්දි මහා ගුණං...පාන්දර පහ පහු වෙද්දි හැමදාම වගේ තුන් මං හන්දියෙ තේ කඩේ සෝමේ මාමා ගමටම ඇහෙන්න තුන් පිරිත දාලා...සාම්බ්‍රාණි සුවදේ බෑ හන්දියම...
තුන් මන් හන්දියෙන් කනත්ත පාරට හැරුණු මං හන්දියෙ ලයිට් කණුවෙ එළියෙන් ලාවට පේන මගෙ අත් ඔරලෝසුව දිහා බැලුවා... පහයි දහයයි... අපෝ වෙලා ඇති මට ගිහින් එන්න ...
අදින් පටන් ගන්නෙ මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් ... මගේ ජීවිත කතාවෙ හැරවුම් ලක්ෂය කරගන්න පුලුවන් ලස්සනම කාර්තුවක්... ඔව්...අද තමයි මගේ ඒලෙවල් ජීවිතේ පළවෙනි දවස...
ඇත්තටම ඒලෙවල් කියන්නෙ ජීවිතේක ටර්නින් පොයින්ට් එකක්ද... විභාගයක් කොහොමද ජීවිතේ තීරණය කරන්නෙ.... ඇත්ත... කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවන් ...ඒත් ලංකාවෙ ජීවත් වෙන ඕනෙම සාමාන්‍ය පවුලක ළමයෙකුට තමන්ගෙ ඉදිරි ජීවිතේ... තමන්ගෙ සමාජ මට්ටම...කියන දේ තීරණය කරගන්න ඒලෙවල් කියන්නෙ සුපිරිම හැරවුම් ලක්ෂයක්... ඉතිං මටත් ඒක ඒ විදිහටම අදාලයි...
ඒත්...සුභ ගමනක් යන්න කලින් දකින්න ඕනෙ සුභ ලකුණුනෙ... එහෙව් එකේ මොකටද මේ කැරකොපු අස්සෙ රිංගන්නෙ...ඒකත් මේ මහ පාන්දර....
ඔව් .... සුභ ගමනකට කලින් දකින්න ඕනෙ සුභ ලකුණු නම් තමයි...ඒත් මගේ ලෝකෙ මට දකින්න පුලුවන් සුභම ලකුණ ඉන්නෙ කැරකොපුවෙ නම්... එයා ආයෙම ඇහැරෙන්නෙ නැති තරම් තද නින්දකට වැටිලා නම්.... මං කොහොමද එයාට නොකියා යන්න හිත හදාගන්නෙ ... මීටම අවුරුදු දොලහකට කලින් මාව ඉස්කෝලෙ ගේට්ටුව ගාවට එක්ක ගිහින් ඔලුව අත ගාලා... මගේ වස්තුව දවසක හොද ලොකු මහත්තයෙක් වෙන්නයි කීව මගේ රත්තරන් අම්මට නොකියා කොහොමද මං මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදෙකට අත ගහන්නෙ.....
කැරකොපුව ඇතුලට යන්න කලින් වැට මායිමේ නැවතුන මං සුදට සුදේ දිලිසෙන කලිසමයි කමිසෙයි දහ පාරක් විතර පිළිවෙලද බලල , මූණ පේන තරමට දිලිසෙන්න කලු පොලිශ් ගාලා මැදපු සපත්තු දෙක ආයෙම පාරක් ලේන්සුවෙන්ම පිහද ගත්තා... අඩුපාඩුවක් තිබ්බොත් අම්මට දුක හිතේවි....ම්ම්...දැන් හරි ....
YOU ARE READING
COTTON CANDY ᡣ𐭩°
Non-Fictionනිල්පාට හැගීමක්... 💙 නෑ ......ඒක බොම්බ මොටයි රස ආදරයක්...💙 . . . Started on : 24.01.2024 End