Dishen's pov
" මොකද බං අරූට වෙලා තියෙන්නෙ...."
" ඒ ශේන්...තෝ මොකද නයා මැරිච්ච කූඨානියා වගේ බකවන් ඉන්නෙ... සන්දා දුන්න ගණන් ටික හැදුවද..."
ගණන් පීරියඩ් එක... මට මේ ලෝකෙ පේන්න බැරි විෂය... ගණන් කියල එකක් මොකා හොයා ගත්තද මන්දා... වෙනදට නම් මේ වෙලාවට හිත අස්සෙ සක්මන් කරන්නෙ ඔය වගේ දේවල් උනාට අද මගේ ඔලුවෙ තිබුනෙ එක දෙයයි...
ඒ මගේ මේඝ ගැන... එදා මියුසික් ක්ලාස් එකෙන් කලින්ම එළියට පැන්නෙ තුනේ ට්‍රේන් එකට යන්න ඕනෙ හින්දා... කවීනයට ගුණසේන එකටත් යන්න ඕනෙ කීවා හින්දා අපි සෙට් එකම ගුණසේනෙට ගියෙ...
ඒත් මං දැක්කෙ දකින්න නරකම දෙයක් ... මං දන් නෑ ඇයි එහෙම උනේ කියන්න නම්...ඒත් මට දරාගන්න බැරි තරම්ම කේන්ති ගියා... මීට කලින් සහිරු අපේ උන් කා එක්ක කොච්චර හිටියත් ඌ කෙල්ලෙක් එක්ක හිටියත් මට කවදාවත් එච්චර ඊරිසියාවක් දැනිලා තිබ්බෙ නෑ ...ඒත් නොහිතපු වෙලාවක ඒ දැක්ක දෙයින් මට නොසෑහෙන්න රිදුනා...
මොනවා උනත් මේඝ කියන්නෙ බයි කෙනෙක් ...එයාට කලින් ගර්ල් කෙනෙක් ඉදලා තියේ අනික එයා මික්ස් ස්කූල් එහෙකට ගියපු කෙනෙක් ... මං අහන්නෙ කෙල්ලො ආශ්‍රය කරලා හුරු පිරිමියෙකුට ආදරේ කරද්දි එහෙම දැයෙන එක අසාධාරණ ද ඉතිං ...
සහිරු එක්ක ඉද්දි මං කූල් චරිතයක් උනාට... මං දන් නෑ මේඝ ගාවදි මාව සම්පූර්ණ වෙනස් වෙන්නෙ ඇයි කියන්න ... ටොප් කැරැක්ටර් එකක් වෙච්ච මං එයාගෙ ඉස්සරහා ඉබේම බොටම් පාර්ට් එකට කන්වර්ට් වෙන්නෙ කොහොමද කියල මටම හිතා ගන්න බෑ .... කොච්චර එයා ගාව කූල් වෙන්න හැදුවත් මාව දිය වෙලා යනවා ... මොකද මං අයිස් කැටයක් නම් එයා ඉරක් තනිකර...
මං දන්නවා මාත් වැරදී කියන්න ...මොකද මේඝ මට එයාගෙ පාස්ට් ලව් ලයිෆ් එක ගැන හැමදේම කීවත් මං අද වෙනකක් එයාට සහිරු ගැන කියල නෑ ... මට කියන්න ඕනෙත් නෑ ...
බිත්තියට ඔලුව ගහන් කල්පනා ලෝකෙක හිටපු මං මගෙ එහා පැත්තෙ හිස් වෙච්ච පුටුව දිහා බැලුවා... සහිරු අද ඇවිත් නෑ ... හැබැයි අද මං දුක් වෙන්නෙ එයා නාවට වඩා මගෙ මේඝ නාව එකට.... වෙනදට එක ට්‍රේන් එකේ උදේට එන එයා දැන් දවස් දෙකක් තිස්සෙ ඉස්කෝලේ ආවෙ නෑ ... අදට දවස් තුනක්...
YOU ARE READING
COTTON CANDY ᡣ𐭩°
Non-Fictionනිල්පාට හැගීමක්... 💙 නෑ ......ඒක බොම්බ මොටයි රස ආදරයක්...💙 . . . Started on : 24.01.2024 End