08. 💙

96 15 2
                                    

"මොන වුත්තක්ද බං ඒ ඉගැන්නුවෙ...මට නම් මෙලෝ මල දානයක් තේරුනේ නෑ ..."

ඒක ලස්සන සෙනසුරාදාවක්...ලෙලිගහ ගත්ත දනිස්සත් එක්ක ඊයෙ රෑ ගෙදර ගිහින් මනීෂයගෙන් යසට බැනුම් අහ ගත්ත මං උදේ නතාශම්මට කියල බෙහෙත් දාගෙන පන්ති ආවා... පන්ති කට් කරන්න පුලුවන් ඇ මේ පොඩි තුවාලයක් හින්දා... .
කෝසල එන්නෙත් මං යන පන්ති වලටම හින්දා ඌයි මායි එකට හිටියත් මොකද මේ තිරිසනා අච්චර විශ්වයේ හොදම බයෝ පන්තියෙත් සැපට නිදිය ගත්තා...බේසමා...

"තේරෙන්න තෝ බුදියලා හරියනවැ...කුම්භකරනයා"

" අනේ මන්දා බං... මට මේ වුත්තවල් තේරෙන් නෑ මං ආසාවෙ හිටියෙ ආර්ට්ස් කරන්න... ජපන්වත් යන්න ලැන්වේජ් කරන්න හිටපු මාව බලෙන් තමා මේ බයෝ කරන්න දැම්මෙ... "

" එතකොට උඹ කලින් හිටියෙ බණ්ඩාරනායකේ නම් මොන එහෙකටද ආනන්දෙට දැම්මෙ..."

" ඒක තමා බල්ලො කියන්නෙ... මට ඇති රෙද්දෙ සමස්ත ලංකාවක් නෑ බං... තාත්තගෙ කසින් කෙනෙක් තමා ඔය අපේ ප්‍රින්සිපල් සර්.. ඊටත් තාත්තා මං බෑ කියද්දි හෙන ගානකුත් දුන්නද කොහෙද..."

කෝසලය බනිනවා... ඌගෙ තාත්තා බිස්නස් කරන්නෙ.. සල්ලි වැහි වැහලා ... ඒත් කොච්චර සල්ලි තිබ්බත් ඌට නෙවේ කිසි සතුටක් තිබ්බෙ... මනුස්සයෙක්ට තමන් ආස දෙයක් කරන්න නැති වෙද්දි දැනෙන්නෙ මහ පුදුමාකාර දුකක්...ඒක දුකකටත් වඩා මහ වේදනාවක්... හිතේ සතුටක් ආසාවක් නැතුව කරන කිසිම දෙයක් වැඩක් වෙයිද සැනසීමක් නැත්තම් ...

" අපේ අක්කි කරේ මැත්ස්...ඒකි ප්‍රයිවට් ඉංජිනේරින් කරා...දැන් ඉන්නෙ මැරි කරන්න බලන්... අක්කිගෙ පම්පෝරිය හින්දා තමා මට බයො කරන්න උනේ....ඒකි ඔය උඩ දාන් හිටියට මොකද එස් වත් නෑ බං ...තුනම ලයිට් කණු "

වෙලාව දවල් දොලහත් පහු වෙලා...සෙනසුරාදා අපිට තිබ්බෙ බයෝ විතරයි ... ඉරිදට තමා අනිත් දෙකම...
ක්ලාස් එකෙන් එලියට ආව විතරයි පැය ගාණක් සනීපෙට නිදියපු කෝසලයා දෙස්දෙවොල් තියන්න පටන් ගත්තා...ඌ සාධාරණයි ... කවුරුත් කියන පලියට කාගෙවත් උවමනාවට විෂයන් තෝරගත්තාම එතනින් එහා ඉගෙන ගන්න එක සම්පූර්ණයෙන් එපාම වෙනවා...

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now