Dishen's POV ,
" ශාක සෛලවල හරිතලවය කියන ඉන්ද්‍රයිකාවෙන් තමා ප්‍රභාසංස්ලේෂණය සිද්ද කරන්නෙ... මේක කොළ පැහැති ද්වී පටලමය ඉන්ද්‍රයිකාවක්.......
එයාගෙ ඇස් දෙක... වාහ්...ඒවා නිල් පාටයි...
එයාගෙ ඇග...එච්චර හැන්ඩි කොල්ලෙක් මොන ලෝකෙන් ආවද මන්දා....
"ශේන්.... ශේන්... මොන ලෝකෙද ඉන්නෙ ශේන්...."
"හු !! ඇයි ..මොකද...කවුද...මොකද්ද....??"
කන ලග ඉදන් බෙරිහන් දෙනව මදිවට ලස්සන මනෝපාරක හිටපු මගෙ ඉනට පෑනෙන් ඇනපු සහිරු දිහා මං මරාගෙන කනවද පණපිටින් කනවද වගේ බැල්මක් දාද්දි ඌ පෑනත් උරුක් කරන් මගෙ දිහා බලාන හිටියෙ ඊට වඩා ලයින් එකකින්...
"ඔයා මොන ලෝකෙද ශේන් ඉන්නෙ...අර නෝට් එක ලියාගන්නෙ නැද්ද... "
"නෑ ...."
සහිරු එයාගෙ කණ්ණාඩි දෙකත් උඩට තද කර කර මට හෙන චණ්ඩියා වගේ පොර ටෝක් දෙන්න ගත්ත... ඒත් මට දැන් වෙන කවුරුත් වැඩක් නෑ ...මගෙ මුළු හිත අස්සෙම පෙරලි පෙරලි බල්ටි ගහපු ඒ රූපෙ මාව වෙනමම ලෝකෙකට අරන් ගිහින් තිබ්බා...
මගෙ අහස්‍ය...
"ශේන්... හොද හිතින් කියන්නෙ ලියා ගන්නවා... බලනවා තමුසෙගෙ ලකුණු කොච්චර අඩුද කියල ...මටත් එක්ක ලැජ්ජයි.. ලකුණු තිහක්වත් නෑ නෙ විද්‍යාවට..."
ආයෙම...ආයෙම පාරක් මගේ සුන්දර මනෝ ලෝකෙ සහිරු විනාශ කරලා දැම්මා...හොදටම ඇති මේ නාඩගම...ඉවසලා ඉවසලා ඉවසන්න බැරිම තමා ඉවසිය යුතුම තැන කීවට මොකද මට තවත් නම් ඒක කරන්න බැරි වුනා...මොකද මට නප්පියටම තද උනා...ඇයි යකෝ මොන වුත්තක්ද මේක...
"මට බෑ ... බෑ කියන්නෙ බැරි නිසා සහිරු...අනික ලියාගත්තා කියල මට ඔය විකාර මුකුත් තේරෙනව කියල ද ... ඔච්චරටම ප්‍රභාසංස්ලේෂණය කියල ලියාගන්න තියෙන්නෙ මොකද්ද ... ගහක ගෙඩි හැදෙනවා අපි ඒවා කනවා...එච්චරයි ... මං දන් නැති වෙන කෙහෙල් මලක් නෑ ... අනිත් දේ තමුන්ට මං හින්දා ලැජ්ජ නම් ආයෙ මා එක්ක කතා නොකර ඉන්න...නෝ ප්‍රොබ්ලම් !!
එහෙන් විද්‍යා පන්තියෙ සර් ගිරිය කඩාගෙන ප්‍රභාසංස්ලේෂණය කරනවා...මෙහෙන් කන උඩ ඉදන් සහිරු කෑගහනවා... ඇත්තටම විද්‍යාව කියල එකක් හොයා ගත්තෙ මොකාද දන්නෙ නෑ ... මේක මළ කරුමයක් උනානෙ... රෙද්ද...
YOU ARE READING
COTTON CANDY ᡣ𐭩°
Non-Fictionනිල්පාට හැගීමක්... 💙 නෑ ......ඒක බොම්බ මොටයි රස ආදරයක්...💙 . . . Started on : 24.01.2024 End