"සොරි අයියෙ..."
මුගෙ ආච්චිට හාල් ගරන්න...
ඔලුව බෑග් එකෙන් තියන් හිටපු දිශේන් ගාවට නැවිලා හිටපු මගේ ඇගේ කොහෙදෝ ඉදන් කෙලගෙන ආව එකෙක් වැදුනා...ඒත් එක්කම නිවුටන්ගෙ තර්ඩ් ලෝ එක වෙච්ච එව්රි ඇක්ෂන් හෑව් අ ඊක්වල් රියැක්ෂන් කියන්නැහැ මගෙ ඔලු කට්ට ගිහින් බිත්තියෙ වැදුනා...
මොලෙත් එක්ක හෙල්ලුනාද කොහෙද....
ඒත් දිශේන්ගෙ කෙලින් ගිහින් බිත්තියෙ ඔලුව වද්ද ගත්තු මගෙ කටෙන් ආව් ගානවත් එක්කම දිශේන් ඔලුව ඉස්සුවා වගේම තාමත් බිත්තියටම බර වෙලා අත් දෙක තියන් හිටපු මගෙ පපුව කෙලින් දිශේන්ගෙ බෝල ඇස් පේද්දි මං හිතන්නෙ මගේ ඇඩ්රිනලින් ලෙවල් එක සෑහෙන්න වැඩි උනා...
ඒ බෝල ඇස් මේ තරම් ලගින් දකිනකොට.... මට තේරෙන් නෑ ඇයි මට මෙහෙම දැන්නෙ කියල නම්...මේක ආකර්ශනයක් ද එහෙමත් නැත්තම් ...
මං හිටියෙ එයාගෙ දෙපැත්තෙන් අත් දෙක තියන් ඒ මූණට එබිලා ... දිශේන් තාමත් මගේ පපුව මට්ටමට ඉදන් ඇසුත් බෝල කරන් බලන් ඉන්නවා...එයාගෙ උණුසුම් හුස්ම මගේ නිරුවත් පපුවට වදිනකොට මට දැනුනෙ මොක්කු හරි මගේ බඩ ඇතුලෙ පියාඹනවා වගේ... දෙයියනේ තව ටික වෙලාවක් මෙහෙම හිටියොත් නම් මගෙ හදවත පුපුරනවා...
වට් අ ඩ්රාමා.....වාව්...!!!
මං දන්නෙ නෑ ඇත්තටම අපි දෙන්නා මොන තරම් නම් වෙලාවක් එහෙම මූණෙන් මූණ බලන් හිටියද කියන්න නම්...ඒත් අපිට පිටිපස්සෙන් ඇහුන අත්පුඩි සද්දෙත් එක්ක මාවත් තල්ලු කරන් දිශේන් නැගිටිනකොට මං පියවි සිහියට ආවා...
"හත් දෙයියනේ ... භාරත් සර්...."
"අහස්ය... මොකො වෙන්නෙ මෙතන... "
"ම්..මුකුත් නෑ සර්...මං මේ..වැ..වැටෙන්න ගියානෙ..."
"ම්ම්....තව කල් යද්දි නම් වැටෙයි වගේ... එනිවේ...මං ආවෙ අශේන්ව හොයාගෙන... ඔයාලා කරගෙන යන්න..."
කරගෙන යන්න ...මොකද්ද ...???
ඒ ආවෙ භාරත් සර්... මගෙයි දිශේන්ගෙයි දිහා ඇස් දෙක නටව නටව බලන් ඉදපු සර් දිගටම කරගෙන යන්න කියල අශේන්ව හොයන් යද්දි මං බලාන දිශේන්ගෙ සුදු කම්මුල් රතු වුනා...
YOU ARE READING
COTTON CANDY ᡣ𐭩°
Non-Fictionනිල්පාට හැගීමක්... 💙 නෑ ......ඒක බොම්බ මොටයි රස ආදරයක්...💙 . . . Started on : 24.01.2024 End