14. 💙

74 16 3
                                    

" Excuse me... ඔයා අහස්‍ය නේද..."

නවකතා පොත් රාක්කෙ පුරා ඇස් මෙහා වෙද්දි මගේ ගාවට ආව කවුරු හරි කෙනෙක් උරහිසට තට්ටු කරා...

කෙල්ලෙක්... සුදුම සුදු චූටි කෙල්ලෙක්... ස්කූල් කිට් නෙවේ... නිල් පාට ක්‍රොප් ටොප් එකක් ඇදපු චූටි සුදු කෙල්ලෙක්...ඒ පාර මොන මරාලයක්ද දන් නෑ...

" ඔව්...ඔයා..."

" ආ...මං විනෝලි... Nice to meet you Ahasya... මං ඔයාව දැකපු දවසෙ ඉදන් හොයන්නෙ... කොහෙද ඉතිං එදා match එකෙන් පස්සෙ missing
නෙ..."

හම්මට සිරි වෙන්න ...මේ ඉන්නෙ එදා ජනිදුලා කීව ගෝතමී එකේ විනෝලි...සැක්..මේකි ඇඹරෙන විදිහට නම් එන පොට හරියන් නෑ වගේ...

මට මතක් උනේ එදා අපේ ටීම් එකේ උන් කීව කතාව... උන් කීව විදිහට මේකි සෑහෙන්න උන්ගෙ ක්‍රශ් එකක්...ඔව් වෙන්නත් පුලුවන් මොකද ඒකි හෙන කියුට් පට්ට ලස්සනයි ...

" අහ්... ඇයි ඉතිං එච්චර මං ගැන හෙව්වෙ..."

" කවුද මේ මරදානට වැටුන සුරදූතයා කියලා බැලුවෙ ඉතිං ... ඔයා... බයෝලු නේද "

" හ්ම්ම්... "

මේකි යකෝ... බටු ඇට දෙකක් උස නෑ ඒකට flittering skills ... අනේ යකෝ...එකියකුත් ඔහොම අඹරලා තමා කෙලලා ගියෙ...
මේකි කොහෙන් මං ගැන හොයලද මන්දා බයෝ කියලත් දන්නවා...මේකි අපේ වයසෙද කොහෙද...

" ඔයා වැඩිය කතා කරන්න ආස නෑ නේහ්... ඒක නෙවේ කාගෙද ඔයා බයෝ යන්නෙ... ගෙවල් කොහෙද "

මේකි ප්‍රශ්න පත්‍රයක්ම අහනවා...මෙතනින් මාරු වෙන්න විදිහකුත් නෑ ...මං හෙමීට කූනිසි ජෝඩුව කොහෙද බැලුවා... හම්මට උන් දෙන්නා පොතක් දිගැරන් හිනා වෙනවා...මෙලහට කුනුහර්පයක් වෙන්න ඇති....

පිහිට වෙන්න මෙලෝ යකෙක් නැති තැන අන්තිමේ ස්මයිල් ඉන් පේන් මං ඒකි දිහා බැලුවා... කෙල්ල හිනා වෙනකොට කම්මුල් වලත් ගැහෙනවා... මොනා උනත් ලස්සනයි හැබැයි ... නෑ නෑ ..දිශේන් තරම් නෑ ...

" මං ජනනායක සර්ගෙ යන්නෙ...මෙහෙ නෙවෙයි ගම්පහ "

" ආ... ඒ කියන්නෙ ට්‍රේන් එකේ නේ යන්නෙ...මාත් ආසයි අනේ ට්‍රේන් එකේ යන්න... "

අනේ ආස නම් පලකො වද දෙන්නෙ මෙතන ඇවිත්...මං උඩින් ලාවට හිනා වෙලා හිත යටින් ඒකිටම බැන්නා... කරුමෙට අර කූනිස්සො දෙන්නට ගාණක්වත් නෑ නෙ මං මෙතන සාපෙකට අහු වෙලා කියල ...අම්මපා අදින් පස්සෙ මනීෂයා එක්ක මගෙ කිසි යාලුකමක් නෑ ....බේසිකයා...

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now