" සමලිංගිකත්වය පාපයක්ද... මං එහෙම උනේ හිතලද... ජීසස් ඔබ වහන්සේට පේන්නෙ නැද්ද මං මේ විදින දුක..."
තේවත්ත බැසිලිකාව... මිනිස්සුන්ට ප්රාතිහාර පිරුණ ශුද්ධ වූ බැසිලිකාව දිශේන් හංසන වෙච්ච මට විතරක් හැමදාමත් නිදහසේ හුස්ම ගන්න තිබ්බ එකම තැන විතරක් උනා... ප්රාතිහාර්ය නම් කෙසේ වෙතත් දන්න කාලෙක ඉදන් ඇවිත් හිත නිවාගන්න මේ පල්ලිය මට පුදුමාකාර සහනයක්....
මං වෛර කරනවා...මටම...මේ ගෙවුණ දවස් ගානට මං මටම වෛර කරනවා... මේ තරම් ගුටිකන්න විදවන්න... ඇත්තටම මානසිකව කායිකව හිංසනයට ලක් වෙන්න වෙන එක...ඒකත් තමන්ගෙම සහෝදරයගෙ අතින්....ඒක මහ ජරා හැගීමක්...
ලෝර්තු ගුහාව ගාව දේව පිළිමය දිහා බලාන උන්න මං තවත් හවස් වෙනකල් පල්ලියෙ ඉන්න බැරි තැන ගෙදර යන්න නැගිට්ටා.... ෆුට් බෝල් ගහන මගෙ නොරිදෙන කකුල් නාරං කෝටුවලට හීරිලා දාඩියත් එක්ක දැවිල්ල අල්ලද්දි මං හරි අමාරුවෙන් උනත් අඩිය තිබ්බා....
කහ පාට ඉටි පන්දම්....
" අනේ ජීසස්...මගේ මේඝව පරෙස්සමින් බලාගන්න...එයාට මාව මතක් වෙනවා ඇති නේද... මොන කරුමෙකට පළවෙනි ආදරේ කියල කරුමයක් ජීවිතේට ආවද කියන්න මං දන් නෑ ....ඒත් අද ඒ නිසාම මං විදවනවා...ආදරේ නාමෙන් ආව කරුමයක් හින්දා අද මං විදවනවා....
මොන දේ ඉස්සරහට කොහොම උනත් කමක් නෑ ...මගේ මේඝව පරෙස්සමින් බලා ගන්න ජීසස්... මට වෙන මුකුත් ඕනෙ නෑ එයාගෙ සතුට මිසක්.... බැසිලිකාව ප්රාතිහාර්ය පිරුණ තැනක් කියල මිනිස්සු කියනවා...පුලුවන් නම් ඔබවහන්සේගේ කරුණාවෙන් මට පිහිට වෙන්න...මට මගේ මේඝ එක්ක සතුටින් ජීවත් වෙන්න දෙන්න...."
ගුටි කාලම රිදෙන කකුල් අතපය එක්ක මං ගෙදර එන්න පාරට ආවා... දවස් ගානක් හරිහමන් කෑමක් නැතුව බඩගින්නෙ ඉදල ඇගට කිසිම පණක් තිබ්බෙ නැති කොට මං හිටියෙ හාමත් වෙලා....
ඇත්තටම සහෝදරයෙකුට පුලුවන් ද එහෙම කරන්න ... තමන්ගෙම සහෝදරයව නොමරා මරන්න....
කරුමක්කාර මූසල ගේ ඈත තියා පේද්දි මං මටම හිතින් සාප කරගත්තා...
මිදුලෙ අඹගහ යට නවත්තලා තිබ්බෙ හොනට් එකක් වෙද්දි මට තේරුනා අදත් කවුරු හරි ඇවිත් කියල ...අනේ මේ අර සාපකාරයො නම් වෙන්න එපා .... උන් ඔක්කොම තිරිසන්නු...
YOU ARE READING
COTTON CANDY ᡣ𐭩°
Non-Fictionනිල්පාට හැගීමක්... 💙 නෑ ......ඒක බොම්බ මොටයි රස ආදරයක්...💙 . . . Started on : 24.01.2024 End