10. 💙

102 17 2
                                    


ඒක තීරණාත්මක දවසක්... ආනන්දෙයි නාලන්දෙයි මැච් එකක් කියන්නෙ ඒක තනිකර වෙනමම ජාතියෙ පිස්සුවක්...බිග් මැච් රගර් වගේම ෆුට්බෝල් කියන්නෙ කොල්ලන්ගෙ එක එක පිස්සු වෙද්දි අද දවස කාටත් වඩා මට සුවිශේෂ දවසක් උනා...

මොකද ගම්පහ දිස්ත්‍රික්කෙට අහස්‍ය කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් උනාට මේ ඇවිත් කොළඹ... කන බොන එකේ ඉදන් තිතටම හිතලා බලලා කරන සුපිරි බුලට් ටිකක් මූණට මූණ සෙට් වෙන දවසක් ඒක... මට පුලුවන් වෙයිද දිශේන්ට දුන්න පොරොන්දුව රකින්න...

ඔව්...ඊයෙ හවස ට්‍රේන් එකේදි දිශේන් මගෙන් එක පොරොන්දුවක් ගත්තා... ඒ තමා අද අපි අනිවාර්යයෙන් දිනන්න ඕනෙයි කියන පොරොන්දුව ... දිශේන්ටත් වඩා මං මටම ඒ පොරොන්දුව දුන්නෙ එදා මෙනුල් මාව වට්ටපු දවසෙ වෙද්දි එදා මට මගැරුන මැච් එක වෙනුවෙන් ...මගේ ඉස්කෝලේ වෙනුවෙන් ...දිශේන් වෙනුවෙන් ...ඒ හැමදේටමත් වඩා මට මං වෙනුවෙන් අද දිනන්නම ඕනෙ උනා...

පැවිලියන් එක පැත්තෙන් ඉස්කෝල දෙකටම චියර් කරන සද්දෙ කන් බෙර දෙදරන්න ඇහෙද්දි මං මටම එක පොරොන්දුවක් දුන්නා...මං පාසල් ජීවිතේ ගහන අවසන් මැච් එකේදි " අහස්‍ය " කියන නම මට සද්දෙට ඇහෙන්න ඕනෙයි කියල ...මං ඒ විනාඩි  අනූව පටන් ගන්න මොහොතෙම මට පොරොන්දු උනා...

ඒ විනාඩි අනූව පුරාවටම මං මගේ සම්පූර්ණ අවධානය මැච් එකට යොදවලා මගේ උපරිමේ කරා...ඊටත් වඩා ගෝල් කීපර් වෙච්ච මගේ සීනි කුරුල්ලගෙ ඇස් දෙක මං වටේ එහා මෙහා යද්දි තව තවත් දිනන්න ඕනෙමයි කියන හැගීම මගේ මුළු ඇට ලේ මස් නහර වලටම දැනෙද්දි මීට අවුරුද්දකට කලින් අප්‍රමාණ දුකක් හිතේ දරාන ෆුට්බෝලෙට ගහපු මං හිත පිරෙන්න දැනෙන අමුතුම හැගීමකින් අද සෙල්ලම් කරා.....

" ග්‍රේට් ජොබ් අහස්‍ය... උඹ නම් පට්ට... සති තුනක් ට්‍රේන් උනාට මොකද ෆුට් බෝල් නම් උඹේ ඇගෙන්ම ආපු දෙයක්ද කොහෙද "

ශිරාන්... අපේ ටිම් කැප්ටන්... මැච් එක අවසානෙ ආනන්දෙ දිනද්දි කොල්ලො සේරම වට වෙලා අපිව උස්සගෙන නටන්න ගත්තා... ඇත්තටම අපි දිනුවා...හිතන්නවත් පුලුවන් ද අවුරුද්දක් තිස්සෙ ෆුට්බෝල් අතැරලා හිටපු මං සති තුනකින් දනිස්සත් ලෙලි ඇරන් ආපහු හිටපු තත්වෙටම එයි කියල ...

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now