21. 💙

63 16 8
                                    

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
අදුරේ හැඩුවා රහසේ...
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා ආදරේ ....
ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් සැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ ....

" කට වහන් පලයන්කො බං උඹලා... මේ කොල්ලා අවුලෙන් ඉන්නවා තොපි ඒක වැඩි කරනවා මෙතන "

ඇගේ යන්න තව දෙයක් නෑ ....ඒත් යනවා...ස්ට්‍රෙස්ද දුකද කියන්න දන් නෑ ... මනීෂයා මේ ටිකේම බැන බැන හරි බත් කටක් නොකවන්න මට මෙලහට ගෑස්ට්‍රයිටිස් හැදිලා... උදේ ඉස්කෝලේ ආව ගමන් කෝසලයි මායි ශිරානයයි වොශෲම් එකට ආවා... අපි ඇවිත් විනාඩියක් ගියෙ නෑ මනීෂයා ගගන් එක්ක එතනට ඇවිත් උන් දෙන්නත් එක්ක මගෙ දුක මැකෙන්නලු කියල තව ටිකක් දුක වැඩිවෙන සිංදුවක් කියන්න ගත්තා...

අද අපිට ටර්ම් ටෙස්ට්... මං දන්නෑ පැය තුනක් මොනව ලියන්න ද කියල නම්...ඒ තරමටම මං අවුට් ඔෆ් මයින්ඩ්... මගෙ කොල්ලට වෙච්ච දෙයක් නෑ ... අඩුම ගාoනෙ අදවත් එයා එයි කියල මං බලන් උන්නා... ඒත් නෑ ...ට්‍රේන් එක අදත් රාගමින් යද්දි මට පැනලා දුවන්න තරම් වේදනාවක් දැනුනෙ...

" ඕකේ ඕකේ... අහස්‍ය... මචං Don't overthink... උඹ අද එක්සෑම් එක කාගන්න එපා ඔහොම ගිහින්...ඕකේ.... හවස ඉදලා යමන් ටිකක්.."

ගගන් මගේ උරහිසටත් තට්ටුවක් දාන් යන්න යද්දි මනීෂයා කෝසලයගෙ අතේ තිබ්බ ශෝර්ට් නෝට් එකට බෙල්ල දාන් ඇස් කැරකෙව්වා...
මට එක්සෑම් කාගන්න එපා කීවට කොහොමත් කන්න තමා වෙන්නෙ...ඒත්...

" ආදරෙයි... හොදට විභාගෙ ලියන්න ..මං වෙනුවෙන් "

දෙයියනේ මොකද්ද ඒ උනේ....

" ආ...ආ......ආ....... "

දිශේන්... දෙයියනේ මගෙ සීනි කුරුල්ලා... මං දන් නෑ මොකද්ද ඒ උනේ කියන්න නම්...එක තප්පර පහක් ගියෙ නෑ ...මාව බදාගෙන ආදරෙයි කීව එයා කම්මුල එබෙන්නම හාදුවක් තියල දිව්වා...

" අහස්‍ය... මචං උඹයි දිශේනුයි..."

මං ෆුල් කන්ෆියුස් වෙලා වෙච්ච දෙයක් හිතා ගන්න බැරිව  බලාගෙන ඉද්දි මට වඩා කන්ෆියුස් උන ශිරානයා හුස්මත් හිර කරන් ඉද්දි මනීෂයා ඌගෙ කනට කරලා මොනා හරි කීවා විතරයි ...තුන් දෙනාම ඉදන් ආ ආ ගාල කෑගහන්න ගත්තා...

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now