02. 💙

297 26 11
                                    

බනින්න කියල කට ගත්තත් මොකද මාවත් පෙරලගෙන දුවගෙන ගිහින් ආපහු හැරුන  කොල්ලගෙ හිනාව දැකපු මගේ තුන් හිතම ගැස්සිලා ගියා....

අපේ ඉස්කෝලෙම එකෙක් නේද...

පැත්තක් උඩින් දාපු සුදු ශර්ට් එකේ තිබ්බ චූටි බැජ් එකෙන් ඌත් ආනන්දෙම කියල අදුර ගත්ත මං ... කට පිරෙන්න හිනා වෙලා සොරි කියල ආපහු හැරිලා දුවපු ඒ කොල්ලා දිහා බලාගෙන හිටියා....

ඒ මූණ පිරිලා... කටෙන් එකයි හිනාව... ශර්ට් එකත් උඩින් දාලා උඩ පැන පැන දුවන අපූරුව... යන යෑමට අනිත් මිනිස්සු කැලේ...

" උඹ මොකද මේ මහ දවාලෙ හොල්මනක් දැකලා වගේ ...අහස්‍ය....යකෝ අහස්‍ය...වුත්තො තොට මොකද උනේ..."

"ආහ්...මෙ...මොකද්ද ...."

"ඕක තමා පගෝ කියන්නෙ ඇට පිටින් ගහන්න එපා කියල ... වරෙන් යන්න අන්න කෝච්චියත් ඇවිත් ..."

මාවත් තල්ලු කරන් දුවපු ඒ කොල්ල දිහා බලාගෙන උන්නු මං ගැස්සිලා පියවි සිහියට ආවෙ මනීෂගෙ කටේ සද්දෙට... රටකජු ගේන්න ගියපු උන් දෙන්නා එනකලුත් මං තාමත් එතන...

මෙහෙමයි මචං... කෝච්චියෙ එක එක පෙට්ටි තියෙනවා වෙන් කරගත්තු.... දැන් බලපන් අර අන්තිම එකේ එන්නෙ තර්ස්ටන් එකේ උන්... එතකොට අන්තිම දෙකේ එන්නෙ ආනන්ද නාලන්ද ... එතකොට ඔය කොණ්ඩා කරල් නම් හැම එක අස්සෙම රිංගනවා... යමන්කො ...

මනීෂයා කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට පෙන්න පෙන්න ඒවා වෙන් කරන්න ගත්තා... ඌ කියන කතාවත් ඇත්ත... අපි නැගපු පෙට්ටියෙ හිටියෙ අපේ ඉස්කෝලේ උන් විතරයි ... හැබැයි ඉතිං උදේ කෙසේවෙතත් හවසට නම් ඉදගන්න එක හීනයක්ම තමා කියල මට හරි ඉක්මනින් තේරුම් ගියා...

පවර් සෙට් එක නම් සාපයක් .... මැද්දෙන් ගහලා තියෙන පොල්ලෙ එල්ලිලා යන්න ගිහාම එපා වෙනවා...

බෑග් දෙක උඩ රාක්කෙට විසික් කරපු කෝසලයි මනීෂයි දෙන්නා ගෙනාපු රටකජු මුලට වග කියන්න ගද්දි .... මගේ ඇස් දෙක තවත් ඇස් දෙකක් ගාව එකපාරටම නැවතුනා....

මාව පෙරලෙගෙන දුවපු කොල්ලා නේ මේ....

ඒ ඇස් දෙක තිබුනෙ කෙලින්ම මගෙ ගාව... නිල් පාට බොම්බයි මොටයි කූරක් අතේ තියාන කෝච්චි පෙට්ටිය කොනේම ඉදගෙන හිටපු ඒ ඇස් දෙක එක්ක මගෙ ඇස් යාවුන තප්පරේම ... හිරෝෂිමාවට වැටුන බෝම්බයක් වගේ ගැස්සිලා ගියපු එයා කට පුරෝලම මාත් එක්ක හිනා උනා....

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now