19. 💙

68 15 7
                                    

" ඇයි අම්මෙ මට මෙහෙම වෙන්නෙ...හැමෝම ඇයි මාව මේ තරම් තනි කරන්නෙ...."

ලාවට වැටුන ඉර එළිය එක්ක මූසල හැගීමක් ගෙනාව  සුසානය හරි හෙමිහිට වැළදගනිද්දි මං අරලියා මල් වැටුන මගේ අම්මගෙ සොහොන් කොත ගාව දණගහන් උදේ පාන්දර අඩන්න පටන් ගත්තා...

මට මගෙත් එක්කම දැනෙන්නෙ මහ පුදුමාකාර තරහක්...ඇයි කියන්න දන්නෙ නෑ මට දැන් ඕනෙ වෛර කරන්න...මටම වෛර කරන්න....
ඇයි දෙයියනේ මට මගේ අම්මා නැති උනා...තාත්තා දාලා ගියා...පළවෙනි ආදරේ පවා මාව අතැරියා...දැන් ....දැන් මට මගේ කියල ඉන්න එකම කෙනා...එයාට වෙච්ච කෙරිච්ච දෙයක් නෑ ....
හෙටට සතියක් වෙනවා...මං මගේ දිශේන් නොදැක...ඒ කටහඩ නාහා...ඒ හුරතල් ඇස් නොදැක...හරියටම හෙටට සතියක්..

මගේ අතේ තිබුනෙ එයා දීපු සුදු වළාකුල...උඹ මට හිනාවෙන වළාකුලක් දීලා යන්න ගියෙ මගෙ හිනාව නැත්තටම නැති කරල මගෙ දිශේන්....

කොල්ලෙක් වෙලා තවත් කොල්ලෙක් වෙනුවෙන් අඩන එක....ඒ නැතත් තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් කොල්ලෙක් අඩන එක....ඒක ලැජ්ජ නැති වැඩක් ද....හිතන්න පුලුවන් එහෙම කෙනෙකුට....ඒත් දන්නවද....ආදරේ වෙනුවෙන් මනුස්සයෙක්ට ඇඩෙනව නම් ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙවේ...තමන් ගැනම සතුටු වෙන්න ඕනෙ දෙයක් ...මොකද මිනිස්සු අඩන්නෙ රිදෙනකොට...එතකොට ආදරේ වෙනුවෙන් අඩන්නෙ...ඒ හදවතට රිදෙනකොට....

මට ඇඩෙන්නෙ මටවත් දරන්න අමාරු තරම් මගෙ පුංචි හදවත මේ අවුරුදු දහාටට අඩලා තියෙන හින්දා...මේ ගෙවුන අවුරුදු දහාට පුරාවටම මං ඇඩුවෙම ආදරේ වෙනුවෙන් ....මගෙ අම්මා නැතිව මං තනි උන දවසෙ ඉදන් මං අඩන්නෙම ආදරේ වෙනුවෙන් ...

සීතල හුලගක් අදත් මගේ ඇග පුරාවටම දැනෙනකොට කොහෙන්දෝ මන්දා පිපුණ අරලියා මලක් ඇවිත් මගෙ ඔලුව උඩට වැටුනා...ඒකත් අලුත පිපුණ ලස්සන මලක්...

" ඔයා කියන්නෙ එයා හොදින් කියල ද අම්මේ....අනේ එයා හොදින් ඇති ...එහෙම නේද... මට ඔයත් නැති ලෝකෙ එයාවත් නැති කරන්න එපා මගෙ අම්මේ...එහෙම උනොත් මටත් වෙන්නෙ ඔයා ගාවින් සදහටම ඇස් පියාගන්න..."

පිනි වැටුන අරලියාව තුරුල් කරන් මං එහෙම කියනවත් එක්කම හරි වේගෙන් මං හරහා සීතල හුළගක් යනවා මට දැනුනා....
ඒත් එක්කම මට ඇහුනෙ කැරකොපුවෙ ගේට්ටුව ගාව බයිසිකලයක් නවත්තන සද්දෙ වෙද්දි මං ඒ පැත්තට හැරුනා...

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now