09. 💙

90 14 4
                                    

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා
යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
කෝලම් රටා වැටිච්ච ලෝකේ පතා
හිතේ පැතුම අරන් යමුද ආවඩා කියා

වා යෙන්නොඩ සේර්න්ද පාඩ වා
ඉන්බම් කොන්ඩු වා නෙන්ජිල්
උල්ල වාර්තෙයි කොන්ඩු වා
යෙන්නොඩ සේර්න්ද පාඩ වා
තුන්බම් මරක්ක වා මෙල් එන්රාල් අලියවුම්

යල්පනමේ පිපිච්ච....

වා එන්ර සොල්ලිල් උල්ල අර්තම් සොල්ලවා
නෙන් පොන්ර පෙන්ගල් ලෝඩ ආඩි පාවඩා
ඉනරු ඉන්ද උලගම් සෙල්ලුම් වේගම් සොල්ලවා
කනවු නිනෙයිවූ ඉරේන්ඩුම් සේර්න්ද කවිදී අල්ලවා

දිගට පිච්ච මල් වැටිච්ච මන්දහාස පාලා
හොරට ඇයි බැලුම් හෙලන්න එන්න යන්න මා හා
එකම අහස යටින් ඉන්න කවුද දැම්මේ බාදා
කිට්ටුවන්තකම් කියන්න සිංදු තාල ගී ගැයේවි ආයේ


පාර්ටි එක තිබ්බෙ ගාර්ඩ්න් එකේ උනාට අපි තුන් දෙනා උන්නෙ කෝසලගෙ කාමරේ...

ඊයෙ අල්ලපු ගෙදර අන්කල්ගෙනුත් පදේ අහගත්ත මනීෂයට විජේනායක අන්කලුත් කෝල් කරලා ආයෙම බැන්න හින්දා ඌ නොකා නොබීම ඇදට පැන්නත් ඌව බඩගින්නෙ තියන්න බැරි නිසා මං ඌට කැව්වා...අල්ලපු ගෙදර එකා අපිට බැනල ගියාට කමක් නෑ ඒත් ඒ බේසිකයා අන්කල්ට කෝල් කරපු එක නම් සෑහෙන්න කැතයි...

කොහොමෙන් හරි ඉරිදා උදේ ඉදන් පන්ති ඉදපු මං මනීෂයත් එක්ක ලෑස්ති වෙලා කෝසල දුන්න ලොකේශන් වලට ආවා...

ලක්සරි ගෙයක්... කෝසලගෙ ගෙදර පට්ටම ලස්සනයි ආයෙ මොඩර්න් ටයිප් එකේ හයි ක්ලාස් ගෙයක්... ඒත් පිටට පේන තරම් ඇතුලෙ කතාව ඒ තරම් ගුණදායක නෑ කියල මතක් කර කර අපි දෙන්නත් එක්ක කෝසලව හොයන් ගියා...

බර්ත්ඩේ පාටියක් උනත් ඒක සෑහෙන්න සරුවට තිබ්බා... මටත් මතකයි ඉස්සර තාත්තා එයාගෙ හයි ක්ලාස් යාලුවෝ එක්ක මගෙ බර්ත්ඩේ එක සමරනවා...ඒත් දැන් ... මට අඩුම ගානෙ උපන්දිනේ වත් මතක නැති තරම්...

" උඹට මනීෂ කීවලු නේ... "

" හ්ම්ම්...ඔව් කීවා... ඒත් වුබලා මහ වුකන චරිත බං...මෙච්චර එක ඩෙස් එක බෙදාන ඉන්න මට කියන්න බෑ තොට...ඒත් මූට කියල ..."

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now