" දැන් ඕක ඔහොම ලියලා හරිද ..."
" ආයියා....ගහන්නෙ ඉතිං ...හරියට කියනව නම් ලියනවනෙ මං ...ඔයා නෙ විකාර කියවන්නෙ..."
අලින්ට සිංහල උගන්වන්න කීවොත් ඒක කරන්න පුලුවන් වෙයි සමහර විට...ඒත් දිශේන්ට විද්‍යාව උගන්වනවා කියන්නෙ...ඒක කරන්න අමාරු වැඩක් නෙවේ ඒක කරන්න බැරි වැඩක්....
දින සති ගෙවිලා ගිහින් වාරෙන් භාගයක්ම අපිටත් නොදැනිම පියාඹලා තියෙද්දි වෙනදා වගේම අදත් මං උන්නෙ සතියකට දෙවතාවක් යන දිශේන්ගෙ ගෙදර එයාගෙ කාමරේ .... අත දිගෑරලා පාරක් ගහන්න ලෝභකමට මං ඉවසන් හිටියා මිසක් මේ සීනි කුරුල්ලා නැත්තම් මගෙන් මෙලහට පාරවල් දහයක් පහලවක්ම කාලා...
" ඔයා මෙහෙම නම් කරන්නෙ දිශේන් මේ වාරෙන් පස්සෙ මං ආයෙම මෙහෙ එන්නෙ නෑ ..."
කරන්න දෙයක් නෑ ...මෙහෙම කියලවත් මෙයා හැදෙන් නැත්තම් මට බෑ තවත් මහන්සි වෙන්න. මං මගේ වැඩත් පැත්තක දාලා මෙහෙ බඩගාන්නෙ එයා එක්ක ඉන්න...එයාව ගොඩදාගන්න කියල ...ඒත් ආව වෙලේ ඉදන් හුරතලේ විතරයි ...
ආයෙම එන්නෙ නෑ කියද්දි මං බලාන මගෙ සීනි කුරුල්ලගෙ ඇස් දෙක බෝල වෙලා මං පැත්තට හැරුනා...ඒත් මං නෙවේ ගණන් ගත්තෙ ....මෙහෙම නොකර ඔයා හදන්න බෑ දිශේන්...
" හරි මං වැඩ කරන්නම්... ඔයා එන්නෙ නැති උනොත් ආයෙම මාව අපායකට වැටෙනව මගෙ මේඝ...ප්ලීස්..."
" හරි එහෙම නම් මේ පාර ටර්ම් ටෙස්ට් එකට ලකුණු 70 වක් අර ගන්න ඕනෙ විද්‍යාවට... එහෙම නොවුනොත් මං ආයෙම එන්නෙ නෑ ...ඔයා මං දුන්න ටාගර්ට් එක ගත්තොත් විතරයි අගෝස්තුවෙ මං එනවද නැද්ද කියන එක තීරණේ වෙන්නෙ...."
" ප්‍රොමිස්...ගෝඩ් ප්‍රොමිස්... මං ගන්නවා ... ප්ලීස් "
අනේ උඹත් මහ පුදුම පිස්සුවක් බං.. මෙච්චර වෙලා කියන මෙලෝ සංසාරයක් අහන් නැතුව පැන්සල හපපු එකා මං ආයෙම එන්නෙ නෑ කීවා විතරයි ෆයර් වෙලා ලියන්න ගද්දි මං ඒ හුරතල් කම්මුලකට ඇගිල්ලෙන් ඇන්නා...
එයා දිහා බලාන ඉද්දි මට මතක් උනේ එදා වෙසක් පෝයට අපි පන්සල් ගියපු හැටි... පහන් දෙකක් එක ගාවින් පත්තු කරපු මගෙ සීනි කුරුල්ලා හැමදාමත් අපි එකටම ඉන්න ඕනෙ කියල ප්‍රාර්ථනය කරපු හැටි...එයාගෙ ඇස් වල සතුට උතුරපු ඒ දවස්... ඒවා මහ පුදුමාකාර දේවල් බං... මගේ හදවත පිරෙන්නෙම දැන් ඒ අහිංසක බලාපොරොත්තු පිරිලා ගිහින් ...
YOU ARE READING
COTTON CANDY ᡣ𐭩°
Non-Fictionනිල්පාට හැගීමක්... 💙 නෑ ......ඒක බොම්බ මොටයි රස ආදරයක්...💙 . . . Started on : 24.01.2024 End