15. 💙

69 16 1
                                    

" දැන් ද වුත්තො කියන්නෙ ... තෝ මාර යකෙක්නෙ..."

මං හිටියෙ මහ පාන්දර දෙකට සුදු ළූණු පොඩි කර කර... මනීෂයා ගාණටම ගෙනත් තිබ්බ සුදුළූණු බික් දෙක හීනියට කපලා ඇස්‍ට්‍රා හැන්දක් එක්ක කෑලි මිරිස් දාලා තම්මබපු නූඩ්ල්ස් ටික ඒකට දැම්මා... වෙන දාන්න කියල දෙයක් මේ ගේ හරියෙ නෑනෙ ඉතිං ......

මනීෂයාගෙ ගෙදරත් ගිහින් හොරෙන්ම ඌවත් එක්කන් ගෙදර ආව මං ඌ අතින් වෙච්ච කෙරිච්ච සේරම අකුරක් නෑර කියලා ඉවර කරද්දි ඌට කලින් කීවෙ නෑ කියල මාව මරන් කාපු නැති ටික විතරයි ... එහෙව් එකාට තමා මං දැන් මේ මහ පාන්දර නූඩ්ල්ස් තම්බන්නෙ...

" මං හිතුවෙ නෑ ගේ කුරුල්ලො ගැන හොයද්දි උඹ මෙච්චර ඉක්මන්ට ඔච්චර දෙයක් කරයි කියල ... හැබැයි පුතෝ ප්‍රවේශමෙන්...උඹට සුවර්ද මේක සිරා කියල ..."

" මට අයිෂා ගාවවත් මෙච්චර හැගීමක් දැනිලා නෑ බං...උඹ දන්නවනෙ..මං ඒකිට ආදරේ කරා...ඒත් මචං ඒකි ගාව දැනුනට සාපේක්ෂව සිය දහස් ගුණයක් වෙනස් මට දිශේන් ගාව දැනෙන හැගීම....ඒක... මන්දා බං...මට හිතා ගන්න බෑ "

" උඹලා දෙන්නා හැරෙනකොට මට හිතුනා....ඕක ඔහොම වෙයි කියල ...දැන් උඹ ඌට සිරාම ආදරේ ද...."

" ඔව් යකො...සිරා තමා ..."

" හැබැයි එකක් මතක තියා ගනින් අහස්... ආදරේ හරි මොන රෙද්ද හරි වෙච්චාවෙ.... ඒ මොක උනත් උඹේ හිත රිදෙන්න විතරක් බෑ ... දන්න කාලෙක ඉදන් උඹේ ජීවිතේට ආවෙම දුක්... විදවන එකේ උපරීමෙට විදවපු එකෙක් බං උඹ....එහෙව් එකේ මං කැමති නෑ ආයෙම පාරක් උඹ පිස්සෙක් වෙනවා දකින්න... "

මනීෂයා වෙනදට ආතල් දිදී කතා කරාට මොකද ඌ හිටියෙ බර කල්පනාවක.... දිශේන් ගැන මට දැනුන දේවල් කලින් ඉදන්ම දැනන් උන්නට මං ආදරේ කීව තැන ඉදන් අද වෙනකල් මුකුත් දැනන් උන්නෙ නැති මනියා ඒ කතාව අහපු වෙලේ ඉදන් බර කල්පනාවක ඉදන් මට එහෙම කියද්දි මට ඌව පැනලා බදාගන්න හිතුනා....

ඌ කියනවා වගේ... මං කියන්නෙම ජීවිතේ ආදරේ කියන වචනෙ මරාගෙන උපන්න එකෙක්ට... තාත්තා අම්මව දාලා යද්දි... අම්මා මාව දාලා යද්දි... පළවෙනි ආදරේ පවා මාව අතැරලා යද්දි ... ආදරේ කියන්නෙම මගෙන් සෑහෙන දුර දෙයක් කියල මං නොසෑහෙන්න තේරුම් අරන් හිටියා...ඒත් දැන් දිශේන්... එයත් මගෙන් ඈත් උනොත් ... මං අමු පිස්සෙක් වෙයි...එච්චරයි ...!!

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now