27. 💙

61 13 7
                                    

" ඒයි සීනියා... ඔය රැලි ටික කපහන් චුට්ටක් ඇදේට "

ප්‍රීති වෙසක්...අවුරුදු නිවාඩුවෙන් පස්සෙ එන්නෙ වෙසක් කූඩු කොළ අලවන කාලෙ වෙද්දි වෙසක් පෝයට කලින් දවසම අපි කරේ ඉස්කෝලේ සරසන එක...

හැම සෙක්ශන් එකක්ම වගේ පහන් කූඩු බල්බ් වැල් වලින් තම තමන්ගෙ සැරසිලි කරගද්දි දොලහෙ බයෝ පන්තියෙ උන් පාප්ප කෝප්පයක් වෙනුවට පත ලොකු බේසමක් හදන් තාමත් එකම කූඩුවක කොල අලව අලව හිටියා...

ඔක්කොටම හපල් ඉමල් කියන එකා...ඌ පන්ති නායකා නමට... ඩෙස් එකක් උඩට වෙලා ඉදන් ඌ තනියම සිංදුවක් කියනවා...නිකන් සිංදුවක් නම් කමන් නෑ ...අර බැති ගී සේරම තිත්ත කුනුහර්පෙන් විකෘති කර කර කියනවා...එතකොට කෝසල...ඌ බුදි...වෙසක් නෙවේ පොසොන් නෙවේ මෙතන මහින්දාගමනය උනත් ඌට වැඩක් නෑ ... ඒ අස්සෙ අපේ උන් ඌගෙ මූණෙ මල් ගස් ඇදලා...එතකොට පන්තියෙ මොලේ වැඩි සෙට් එක..උන් ඉදන් පාඩම් කරනවා...උන් මොලේ බර පොරවල්නෙ...එතකොට මං ... මං තමා රැලි කපන්නෙ ...කොළ කපන්නෙ... ශිරානයා ඉදන් අලවනවා මං කපනවා... තව සෙට් එකක් ඉදන් දන්සල වගේ හෙන පාප්ප හැලියක් හදන් ඒක බෙදනවා...

ඇත්තටම පාසල් ජීවිතේ ලස්සනම දවස් කියන්නෙ මේවට... ලස්සනම මතක එකතු වෙන්නෙ මේ වගේ උගන්නන් නැති දවස් වලට...අන්න ඒකයි කියන්නෙ ඉස්කෝලේ අනිවාර්යයෙන් යන්න ඕනෙ වෙන කවදාක නැතත් උගන්නන් නැති දවසට කියල ... මොකද ඒ තමා මගැරගන්න හොද නැතිම දවස්...

" අඩෝ සීනියා... සිරාවටම උඹේ කෑල්ල කවුද බං... තොට තියෙන ඉල්ලුම කියන්නෙ රොටරියෙත් දැන් උඹ ගැන කෙල්ලො කියවන්නෙ..."

" ඒ සිරාවටම ඕයි...මගෙ කෑල්ලත් අහනව යකෝ උඹට කෙල්ලෙක් නැද්ද කියල ... තෝ හින්දා මටත් සපත්තුවක් සෙට් වෙයි වගේ ලගදිම..."

" අනේ පලයන් කුෂා...තොට කවද්ද එක කෑල්ලක් හිටියෙ... "

මේවට තමා මට නගින්නෙ...වෙලාවට මගෙ මනුස්සයා මෙතන නැත්තෙ නැත්තම් වෙන්නෙ අම්බානකට අහගන්න මට ...මුන්ට දැන් අර කවි කොලෙන් පස්සෙ පුදුම අසහනයක් තිබ්බෙ මගෙ කෑල්ල කවුද කියල හොයා ගන්න...

" ඒ සීනි...කියපන්කො වුත්තො අගේ නොකර... ඒකි ලස්සනත..."

" හ්ම්ම්... ලස්සනයි ..."

COTTON CANDY ᡣ𐭩° Where stories live. Discover now