" ඕකේ ස්ටුඩන්ට්ස්....හෙට ඉදන් ඔයාලගෙ ස්පෝර්ට්ස් මීට් පටන් ගන්නවා.... ඒක නිසා අපිට උගන්වන්න වෙන්නෙ හවස පීරියඩ්ස් විතරයි .... අනේ මන්දා ළමයි මොකට මේ සයන්ස් අය ඕවට ගන්නවද කියල ... කොච්චර නම් වැඩ තියෙනවද බලන්න ඔයාලට.... මේ ප්‍රින්සිපල් සර්ට තේරෙන්නෙ නෑ නෙ ඒක.... "අන්තිම කාලච්ඡේදයට බෙල් එක ගහනකොට කාලච්ඡේද දෙකක් තිස්සෙම කැඩිච්ච ඉංග්‍රීසියෙන් පිසික්ස් උගන්නපු බිනාරා ටීච එයාගෙ ලොකුම ලොකු වටකුරු කණ්නාඩි දෙකත් දාගෙන හෙට ඉදන් ස්පෝට්ස් මීට් කියල බනින්න ගත්තා....
"ඇයි බං අර ටීච බැන බැන යන්නෙ.... මොකද උනේ..."
"මොකද උනේ අහන්නෙ උඹ පැය එක හමාරක්ම බුදියෑවා...ඒක තමා උනේ...."
ඉන්ටවල් එකෙන් පස්සෙ ගෙවුන හැම පීරියඩ් එකකම කෝසල කරේ ටීචට ආයුබෝවන් කියල වාඩි උන එක විතරයි .... ආයෙ ඌ වාඩි උනා උනාමයි යස අගේට නිදාගත්තා....ඇත්තටම මූට කෝසල නෙවේ කුම්භ කියලා දාන්න තිබ්බෙ ....
අද නම් දෙයියනේ කියල මං යහතින් ඉස්කෝලෙට ආවා...ඒත් වැඩක් නෑ ....අර වරෙත්තු මනීෂයගෙ කට හින්දා මාව දකින හැම ෆ්‍රිෆෙක්ට් කෙනෙක්ම දැන් මගේ මූණ දැක්ක ගමන් කෙලින්ම බලන්නෙ ඉනෙන් පල්ලෙහා....ඊව්... ලැජ්ජාවෙ බෑ ...
ඇත්තටම ඊයෙ මනීෂගෙන් මං ඇහුවෙ මේ ලෝකෙ තියෙන මෝඩම ප්‍රශ්නෙ වෙන්න ඕනෙ ... ඌගෙ හැටි දැන දැනත් මං අහපු ඒ ගොං ප්‍රශ්නෙ හින්දා අන්තිමට නිකරුනේ එකට දකින කොල්ලො දෙන්නෙක්ව පවා මට පෙවුනෙ වෙනමම විදිහකට....
කොල්ලො - කොල්ලො... එහෙම ආදරේ හිතෙනවැ....විකාර... ඔව්වා නිකන් මවපු කතා විතරයි ...
ඒක නෙවේ කෝසල... අන්තිම එකේ ඉංග්‍රීසි නෙ.... යමුද සංගීත කාමරේ පැත්තෙ ගිහින් එන්න...
ආ යමං...අද උඹට එන්න කීව නේ...
ම්න්...යන් එහෙනම්...
පීරියඩ් එක ඉංග්‍රීසි කියලා දැකපු පමාවට ආයෙම ඔලු ගෙඩිය ඩෙස්ක් එක උඩ ගහ ගන්න හදපු කෝසලයවත් ඇදගෙන මං සංගීත කාමරේ හොයාගෙන ගියා.... මූ එක්ක ආවට මොකද අපි දෙන්නම ඉස්කෝලෙට අලුත් හින්දද කොහෙද යන එන මං හොයා ගන්න බැරුව අපි දෙන්නත් එක්ක එකම තැන එහාට මෙහාට කැරකුනා....
YOU ARE READING
COTTON CANDY ᡣ𐭩°
Non-Fictionනිල්පාට හැගීමක්... 💙 නෑ ......ඒක බොම්බ මොටයි රස ආදරයක්...💙 . . . Started on : 24.01.2024 End