chapter 21

425 68 9
                                    

මාස දෙකකට පසු..

මේ මාස දෙකට ගොඩක් දේවල් වෙනස් වෙමිනුයි තිබුනේ..මීට මාසෙකට විතර කලින් කායි ජෙනීගේ marriage එක සිද්ද වුනා..ඒ වගේම  ඒ දෙන්නා දිගටම කොරියාවේ පදිංචි වෙන්න තීරණය කරලයි තිබුනේ..
අැත්තටම  මේ හැමෝගෙන ජීවිත ටිකක් හරි වෙනස් වුනත් අපේ ජන්කුක්ගේ ජීවිතේ තිබුන විදියමයි..මොකද ඉතින් එයාට company එක  අැරෙන්න වෙන දෙයක් නැහැනේ..
ඒ වගේම මේ මාස දෙකේ දි  මේ 12 දෙනා ඉතින් සති දෙකකට සැරයක් වගේ පොඩි movie night එකක් soju party එකක් වගේ දාන්න අමතක කලේ නැහැ..

පුදුමෙකට වගේ ජන්කුක් මේ හැම එකකටම අාවා..අැත්තටම හැමෝටම මුලදි පුදුම හිතුනත් අඩුම තරමේ මූ comapny එකේම එල්ලිලා ඉන්නේ නැතුව මෙහෙම  හරි එකකට එන එක ගැන හිතලා හැමෝම  හිත හදාගත්තේ නැත්තන් අැයි උඹ වෙනදා නැතුව දැන් එන්නේ කියලා අැහුවොත් අනිවාර්යයෙන්ම කුක් අායේ එන්නේ නැහැ කියලා දැනගෙනයි..
(අැත්තටම එහෙම වෙයිද..එයා එහෙම  අැහුවොත් එන්නේ නැතුව ඉදීද..)

අදත් ඒ වගේම දවසක්..හැබැයි අද එයාලගේ meetup එක තියෙන්නේ ටේගේ apartment එකේ..එත් ඉතින් මේ වෙද්දි ජිමින් ,ජින් දෙන්නා නම් ටේගේ apartment එකට අැවිත් ගොඩක් වෙලා..
දැන් මේ තුන්දෙනා එක එක වර්ගේ snacks හදනවා..මොකද ඉතිව් මෙහෙම movie marathon එකක් තිබ්බොත් ඉතින් කෑම කියන එක බලාගෙන ඉද්දි ඉවර වෙනවා කියලා එයාලා අත්දැකීමෙන් දන්නවා..මොකද මේ top  සමාජිකයෝ movies බලනවට වඩා කෑම කන එක තමා කරන්නේ‍..අන්තිමට රෑ 12 , 1 විතර වෙද්දි ඔක්කොමලා හොදට නිදි..
ගොඩක්  වෙලවට මෙයාලා මෙහෙම meetup එකක් තියන්නේ Saturday රෑට මොකද ගොඩක් අයට sunday නිවාඩුනේ..
ඒක නිසාම movies බලලා නිදාගන්‍න අය ගෙවල්වල යන්නේ ඊලග දවසේ දවල් 12ට විතර..
දැන් ඉතින්  හවස 5 විතර වෙලා තිබුනත් හැමෝම එද්දි ඉතින් 8 විතර වෙන නිසාම මෙයාලා dinner එකත් මේ එක්කම වගේ හදන්න හිතාගෙනයි හිටියේ..

ලීසා,ජෙනී වගේම යුන්ජේ
(මන් යුන්ජේව සමහර තැනවල මින් හෝ කියලත් කියලා තියෙනවා..යුන්ජේ කියන්නෙත් ලීමින් හෝ කියන්නෙත් දෙන්නම එක්කෙනා..🐭මේ emoji එක use කලේ එයාට)
නම් හරියටම 6 වෙද්දි අැවිත් හිටපු නිසා එයාලත් මේ තුන්දෙනාගේ වැඩවලට උදව් වුනා..අැත්තටම ජෙන්ලීසා දෙන්නා උදව් කරද්දි යුන්ජේ කලේ හදපු කෑම වලට වැඩේ දෙන එකයි..
රෑ 8ට විතර වෙද්දි කුක් අැරෙන්න අනිත් හැමෝම වගේ අැවිත් හිටපු නිසා ජින් කුක්ට call කරන්න කියලා පොඩ්ඩක් balcony එක පැත්තට ගියා..

PERFECT PEACE  (Taekook) OngoingWhere stories live. Discover now