chapter 10

468 68 10
                                    

අද තමා jk සහ යුන්ගි දෙන්නම නැවත කොරියාවට එන්නේ..

🐱"මොකෝ බන් මූණ නිකන් අමුතු කරගෙන ඉන්නේ.."

🐰"නැහැ හියුන්ග් දැන් ගිහින් hospital එක ගැනත් බලන්න එපැයි.."

🐱"එක ගැන නම් විශේෂයෙන් හොයන්න දෙයක් නැහැනේ බන්..මන් දන්නවා ඔයා මේ හොරා වගේ hospital එකට රිංගන්න හදන්නේ ලියාව බලන්න නේද.."

යුන්ගි කියපු කතාව අහපු ගමන් කුක් ගේ මුහුණ තැලිච්ච අඹ ලෙල්ලක් වගේ වුනා..

🐰"මොකද්ද හියුන්ග් ඒ කියපු කතාව..ඔයාට මන් කිව්වනේ අැයි මන් ලියාගේ අප්පගේ proposal එක rejects කලේ නැත්තේ කියලා..ඒ කෙල්ලගේ ඔම්මා අප්පා හොද වුනාට එයා එයාගේ සම්චොන්ට ඕන විදියට තමා හැම දෙයක්ම කරන්නේ..මේ ටිකේම එයා hospital එකේ වැඩක් නම් කරලා නැහැ...දැන් එයාගේ මාමාගේ කරදරෙත් ඉක්මනටම ඉවර වුනාම මන් ඒ ගෑනිව එයාට ගැලපෙන තැනකටම යවන්නම්කෝ.."

🐱"දැන් උඔ හිතන්නේ ඒකිට පිස්සු කියලද.."

🐰" ඔව් හියුන්ග්...ලියා එයාට අවුරුදු 16 ඉදන් drugs වලට addict වුන කෙනෙක්..ඒක එයාගේ අැගට ඕනමයි..ලියාගේ සම්චොන් තමා ලියාව ඔය දේට addict කරලවලා තියෙන්නේ.."

🐱"උඹ මොකටද ලියා ගැන ඔච්චර දේවල් හෙව්වේ..බැරිවෙලාවත් උඹ ඒකිට කැමතිද.."

🐰"පිස්සුද හියුන්ග්...මන් ඒකිට කැමති නැහැ..මන් ඒකි ගැන හොයන්න ගත්තේ මට hospital එකේ details එලියට යන්නේ කොහොමද කියලා හොයගන්න ඕන වෙලා තිබ්බේ.."

🐱"ඉතින් ඒ නිසා අැයි ලියා ගැන හොයන්න ගත්තේ.."

🐰"ඒක කියන්නම් දැන් යමු අපිට නැත්තන් තව ටිකක් late වෙයි ගෙදර යද්දි.."

Jk  hospital එකේ ownership එක ගත්තට පස්සේ hospital එක ගැන හැමදෙයක්ම හොයලා බැලුවා..එතකොට තමා එයාට දැනගන්න ලැබුනේ hospital එකේ details කොහෙන් හෝ පිටතට යනවා කියලා..ඒ නිසා ඒ ගැන හොයන්න ගත්ත jk ට දැනගන්න ලැබුනේ dr.cha ගේ මල්ලි ඒ කියන්නේ ලියාගේ සම්චොන්ට මේ hospital එක ගන්න ඕන නිසා  එයා මේ විදියට සල්ලි වලට details අරගෙන ownerව blackmail කරලා hospital එක ගොඩක් අඩු ගානකට ගන්න හිතාගෙන ඉන්නවා කියලා..කලින් ownership එක තිබ්බ කෙනාටත් ඒ විදියට මේ පුද්ගලයා තර්ජන එල්ල කරලා තිබුන නිසා තමා එයා hospital එක විකුනුවේ..මොකද එයා ඒ තරමටම බන්කොලොත් වෙලා ඉදලා තිබුනේ...Hospital එකෙන් pay කරන bills හැම එකක්ම වෙන කෙනෙක්ගේ account එකට යන විදියට එයාලගේ account hack කරලා තියෙනවා කියලත් කුක්ට හෙයාගන්න පුළුවන් වුනා..
මේ ගැන dr.cha ගෙන් කුක් අැහුවේ dr.cha කියන්න ගොඩක් වැදගත් ඒ වගේම අකුරට වැඩ කරන පුද්ගලයෙක් නිසයි..ඒ ගැන ඔහුගෙන් අැහුවම dr කිව්වේ ඒ ගැන එයා දන්නේ නැහැ කියලා..ඒ අනුව තමා dr.cha  කුක් ගේ paln එකකට අනුව කුක්ට marriage proposal එකක් ගේන්නේ..මේ නිසා ලියා එයාගේ සම්චොන් එක්ක තියාන සම්බන්දතා හැම එකක්ම වගේ ටික ටික නවත්තලා දැම්මා..මොකද ලියාට drugs ගන්න තවදුරටත් සම්චොන් ඕන වුනේ නැහැ වගේම එයාට jk ගේ proposal එකෙන් hospital එකේ වුනත් වැඩ කරන්න ඕන වුනේ නැහැ..ඒ නිසා ලියාගෙන් එයාගේ සම්චොන්ට hospital එක ගැන කිසිම තොරතුරක් ලැබුනේ නැහැ..
මේ නිසා ලියාගේ සම්චොන් jkගේ comapny එක කඩා වැටෙන විදියට එක එක දේවල් සිද්ද කරන්න උත්සහා ගත්තා..ඒ අනුව තමා USA වල මෙච්චර කාලයක් ගත කරන්න සිද්ද වුනේ..USA වල ඉන්න අතරෙම jk ලියා වගේම එයාගේ සම්චොන්ගේ හැම වැඩක් ගැනම හොයාගෙන ඒ දෙන්නව අල්ලගන්න විදියට plan එකක් හදාගෙන තමයි  අායෙත් මේ කොරියාවට එන්නේ..

PERFECT PEACE  (Taekook) OngoingWhere stories live. Discover now