•
•
•
Sehi's pov
පැය ගානක් යනකොට අපිට ඔසී වලට එන්න පුලුවන් උනා.. යෝශිනම් නැග්ග වෙලේ ඉදලා සැපට නිදාගත්තා.. මම... මං උපරිම විනාඩි 30ක් 35ක් නිදාගන්න ඇති ඕන්නම්.. මට කොහෙ නින්ද යන්නද ඉතින් එහා පැත්තෙ රේඩියෝ එකක් ඉන්නකොට..
කොහොමහරි දැන් තියෙන්නෙ අපේ apartment එකට යන්න.. මෙරීඩා ඇන්ටිට කිව්වම හ්‍යුන්ජින්තුත් අපේ apartment එකේ කියලා එයාටත් හරි පුදුමයි.. ඔක්කොම බඩු ටික කැබ් එකකට දාගත්ත අපි apartment එකට ගියා.. යෝශි, මෙරීඩා ඇන්ටියි එක රූම් එකක වෙනකොට මම එක රූම් එකක.. රූම් දෙකම තියෙන්නෙ එක ලග.. මගෙ රූම් නම්බර් එක 203 වෙනකොට යෝශිලාගෙ රූම් නම්බර් එක 204..
ඔගොල්ලො අහන්නෙ අරයා ගැනද... කතා කරන්න එපා.. දැන්නම් මට එපා වෙලා තියෙන්නෙ ඒ කියවිල්ල අහන් ඉදලා.. හ්‍යුන්ජින් රූම් එකක් බුක් කරගෙන ලැගේජ් ටික කව්න්ටර් එක ගාවින් තියලා කොහේදො ගියා.. අපි හිටියෙ apartment එක ඇතුලෙම තියෙන coffee shop එකේ.. ඔන්න එනවා මදි පාඩුව..
"ඒ ඔයාලා මටත් ගත්තද?"
මේකා එහෙම කියාගෙන මගේ ලගින් වාඩු උනා.. මට ඉස්සරහින් යෝශියි මෙරීඩා ආන්ටියි..
"ඔව් පුතා.. පුතාට තව මොනාහරි ඕනද?"
"නැ නැ ආන්ටි තැන්ක්‍යූ.. දැනට මේ ඇති... ඒ සේහි... අදුරන එක්කෙනෙක්ගෙන් කෝල් එකක්"
"කව්ද?"
මේකා එහෙම කියලා උගෙ ෆෝන් වයිබ්‍රේට් වෙන ෆෝන් එක සාක්කුවෙන් එලියට ගත්තා.. උගේ ෆෝන් එකට කොහොමද මං අදුරන අයගෙන් කෝල්ස් එන්නෙ... මං ඇහිබැමකුත් උස්සගෙන හ්‍යුන්ජින් දිහා බලන් ඉද්දි එයා කෝල් එක ආන්සර් කරා...
"hello kookie අයියේ......."
හෑ.... මා මේ දකින්නෙ ස්වප්නයක්ද... කුකීගෙ නම්බර් එක කොහෙන්ද මෙයා ගාව.. එක්කො බොරුවටද කොහෙද.. මං මොකටද කලබල වෙන්නෙ.. කතා කරගන්නෙ නැතෑ...
"අහ් ඔව් ඔව් සේහි ඉන්නවා.. අහ් මෙ කතා කරනවා"
"ඔය කුකී නෙවෙයි.. වෙන මොකෙක්හරි වෙන්නැති... අනික ඔයාට කොහෙන්ද කුකීගෙ නම්බර් එක"
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Werwolf"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||