✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 35 🌙✨

134 17 12
                                    

"ම්-මේ තියෙන්නෙ ඒක තමයි"

සේහි තමන්ගෙ අතේ තියෙන කොලේ ටේටයි කුකීටයි දික් කරලා ඉස්සරහින් පේන් ගේ පැත්තට අත දික් කරලා බයෙන් වගේ කිව්වා..
ඒකෙ තියෙන විදියමයි මේ ගෙදරත්.. අඬ සඳ ලකුනු දෙක මැද්දෙ තියෙන පුරහඳ සලකුන, හතරවටේම ගස් කොලන් වලින් වහන් වෙලා ගේට්ටුවක් එක්ක තියෙන මේ ගෙදරමයි අර පරන කොලෙත් තියෙන්නෙ..

දැක්ක ගමන් පාලු ස්වභාවයක් ගත්තත්, මේ කැලෑවෙ ගෙයක් මෙච්චර හොදට තියෙන්න පුලුවන්ද කියලා සේහිට හිතුනා.

"මං අහන්නෙ අපි දැන් ඔය ගෙදරට යන්නම ඕනද?"

"ඔව් කුකී අනේ යමුකො.. ටේ..! කුකීවත් එක්කගෙන එන්නකො"

"සේහි.. ඔයා ඒ පොතේ තිබ්බ ඒවා විශ්වාස කරනවද? ඇත්තටම මට තාම විශ්වාස කරන්නත් බැ හ්‍යුන්ජින් කියන්නෙ ඔයාගෙ මල්ලි කියලා.. ඔය දෙන්නා පෙනුමෙන් සමාන උනාට~ අනෙ මන්ද මට තේරෙන්නැ.. මොකක්ම හරි පිලිගන්න් පුලුවන් විදියෙ සාක්ශියක් අපිට හම්බෙනකන් මං විශ්වාස කරන්නැ එ ඔයාගෙ මල්ලි කියලා... ඒ වගේම මේ තැනත්, ගුප්තයි වගෙ. මං කියන්නෙ ආයෙ යමු.. කරදරයක් උනොත් ඔක්කොගෙම වැරැද්ද පැටවෙන්නෙ මට. ඔය දෙන්නට නෙවෙයි.."

"අන්න ඒකනෙ මං කියන්නෙත් ගෙදර යමු කියලා.."

සේහි මේ දෙන්නගෙ කියමන් අහලා ගේ දිහා බලලා ආයෙමත් යන්න හැරුනා.. අඩියක් දෙකක් ඉස්සරහට ගිහින් සේහි ආයෙමත් කොලේ අතේ ගුලි කරගෙන අනිත් පැත්ත හැරුනා.

"නෑ.. ඔයාලට එන්න බැරිනම් යන්න. මං මේ ගෙදරට ගිහිල්ලමයි එන්නෙ"

හිතුවක්කාර උන සේහි ආයෙමත් ඒ කොලේ තිබ්බ එයාලා හොයාගත්ත ගේ පැත්තට ඇවිදගෙන ගියා..

ඒත්...!!

සේහි ගැස්සිලා නතර උනා.. ගෙදර ගේට්ටුව ලගින් එක්කෙනෙක් මතු වුනේ සේහි ඉස්සරහට ගත්ත කකුල එහෙම්ම පිටිපස්සට ගනිද්දි. සේහිගෙ පස්සෙන් ආපු ටේකුකී දෙන්නා සේහිව හිමීට පස්සට ඇදලා අරන් නතර කරගත්තා.

"සේහි..!! හෙල්ලෙන්න එපා.. ටික වෙලාවක් මෙහෙම ඉදලා යමු"

"ටේ කියන එක හරි.. ඕක ඇතුලට යන්න බැ.. හිමීට හැරිලා ගෙදර යමු"

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now