පීප්.......
"oh god සේහියා...."
"ඒයි සේහි බලාගෙන..."
ටේහ්‍යුන් රත්වෙලා ගියා සේහි ලගටම එන කාර් එක දැකලා. දුවල ගිහින් සේහිව ඇදලා ගත්තා. ජන්කුක් මේ වෙලාවෙ හිටියෙ මොකද්ද උනෙ කියලා හිතාගන්න බැරුව
"මොකද්ද ඕයි කරන්නෙ. දෙන්න හිතෙනව මැරිලා වැටෙන්න. තමුසෙට මොකක්හරි උනානම් අපිදෙන්නා ආයෙ ගෙදර යන්නෙ කොහොමද ආහ්.."
ජන්කුක් කියවගෙන කියවගෙන ගියා..සේහිගෙ ඇස්දෙකෙ කඳුලු පිරිලා
"ඉතින් කුකී ඔයාමනෙ මට යන්න කිව්වෙ.."
සේහි බිම බලාගෙන අඩන ගමන් කියද්දි ජන්කුක් එක පාරටම ඇවිල්ලා සේහිව බදාගත්තා.. බදාගෙන ඔලුව උඩින් ජන්කුක්ගෙ ඔලුව තියාගෙන සේහිගෙ ඔලුව සිපගන්න ගමන් හිටියා.
"සමාවෙන්න දෙයියනේ..බය කරන්න එපා මැනික අපිට ඉන්නෙ මෙච්චරයිනෙ.."
ටේ තාම සේහිගෙ අතින් අල්ලන් ඉන්න ගමන්. ජන්කුක් ඈත් උනාට පස්සෙ සේහිව තමන්ගෙ පැත්තට හරවගත්ත ටේ සේහිගෙ ඇග වටේම නොසන්සුන්ව ඇස් යවන්න ගත්තා
"තුවාලද සේහි.. කියන්නකො ඔයාට මුකුත් උනෙ නැ නේද. කතා කරන්නකො අනේ.."
"නැ නැ මුකුත් උනෙ නෑ..ම..මං පරිස්සමට යන්නම් ඔයාලා ඔයාලගෙ වැඩක් කරගෙන ඔය පාරෙන් එන්න හ්ම්ම්.."
සේහි කඳුලු පිහදාන ගමන් කුකීටයි ටේටයි හිනාවෙමින් කිව්වා.. හිනා උනාට ඒ හිනාව ඇතුලෙ තියෙන දුක දන්නෙ සේහි විතරයි..
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Hombres Lobo"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||