සේහි ජන්කුක් ටේහ්‍යුන් තුන් දෙනාම ආයෙ මැන්ශන් එකට ආවා.. සේහි කෙලින්ම දුවන් ගියේ ස්ටෝරූම් එකේ තියෙන පොත ගන්න.. ජන්කුක් ආපු ගමන් ලිවින් රූම් එකේ සෝෆා එක උඩට වැටුනා.."ටේ... මට තිබහයි"
"බනානා මිල්ක්ශේක් එකක් ෆ්‍රිජ් එකේ තිබ්බා නේද?"
"අරන් එනවද?"
"ම්ම්ම්"
ජන්කුක් කල්පනා කරන්න ගත්තෙ හෙල්ගා අන්තිමට කිව්ව දේ ගැන..
"ශ්වේත පිහාටු ඇස් ඉස්සරහට ආවම.. යදම් බිඳුනු දවසට... මොනාද යදම් කියන්නෙ.. ශ්වේත කියන්නෙ සුදුනෙ.. සුදු පිහාටු... කුරුල්ලෙක්වත්ද?"
ජන්කුක් තනියම කල්පනා කර කර ඉන්නකොට ටේහ්‍යුන් එයාගෙ එක අතක ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එකක් තියාගෙන අනිත් අතේ ජන්කුක්ගෙ බනානා මිල්ක් එක තියාගෙන සෝෆා එකේ ජන්කුක්ට එහා පැත්තෙන් වාඩි උනා..
"ආහ්.. කෝ සේහි"
"අන්න උඩට දිව්වා.. මෙහ් ටේ"
"ම්ම්"
"හෙල්ගා අන්තිමට කිව්ව එක තේරුනාද?"
"මොකද්ද..?"
"අර ආයෙ එයාව හොයන් එන්නෙ යදම් ගැලවිලා ශ්වේත පිහාටු දැක්ක දවසටද මොකද්ද එකක් කිව්වෙ"
ජන්කුක් ටේගෙ දිහා බලාගෙන අහනකොට ටේ හිනා වෙලා ජන්කුක්ගෙ නිකට යට බෙල්ලෙන් පහලට ඇද්දා..
"යදම් නෙවෙයි මෝඩයෝ.. තොන්ඩුව ගිලිහිලා ශ්වේත පිහාටු ඇස් ඉස්සරහට ආපු දවසට කියලා කිව්වෙ"
"ආහ් මොකක්හරි.. දෙකම එකයිනෙ"
"දෙකම එකක් වෙන්නෙ කොහොමද කුකී... යදම් කියන්නෙ සාමාන්‍යෙන් මුලු ඇගම ගැටගහලා තියෙන දම්වැල් වගේනෙ.. හැබැයි තොන්ඩුව කියන්නෙ බෙල්ලට දාන එකක්.."
"හරි හරි.. ඔයාට තරම් අධි මොලයක් මට නෑ.. ඒක තේරුනාද ඔයාට"
"ම්ම්ම්.. හරියටම නැ.. ඉස්සරහට වෙන දෙයක් වගේ.. ඒත් බයයි කුකී.. තොන්ඩුව ගිලිහෙනවා කියන්නෙ. ගිලිහෙන්න කලින් ඒක කාගෙහරි බෙල්ලක තියෙනවා කියන එකනෙ.. මොකක්හරි කරදරයක් අත ලගද දන්නැ"
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Werewolf"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||