"ආආආආආආහ්හ්හ්හ්......!!
බ්..බ්‍රැන්ඩො....!!!"ඒ ඇවිල්ලා හිටියෙ බ්‍රැන්ඩො.. අකුනකටත් වඩා වේගෙන් එතන්ට ඇවිත් සේහිව අල්ලලා වැටෙන්න නොදී ඇදලා ගත්තෙ කොහොමද කියලා සේහිටත් පුදුමයි..
සේහි බිම ඉදගෙන හිටියෙ වෙච්ච දේ මොලේට ප්‍රොසෙස් වෙනකන්.. ඊටපස්සෙ සේහි දඩිබිඩි ගාලා නැගිට්ටා. බ්‍රැන්ඩො සේහිගෙන් ඈත් වෙලා ගියේ කලු පාට ඉටිපන්දම ගාවට.. ඒක නහයෙන් ඉව කරපු බ්‍රැන්ඩො ගොරව ගොරව ඉදලා එල සැරේට ඒක බිල්ඩින් එකෙන් පහලට දැම්මා.
"ඔ.. ඔයා කොහෙන්ද මෙතන්ට ආවෙ? අර මගේ නම කිව්වෙ ඔයාද?"
(ආශ් මටත් පිස්සු මෙයා කොහොමද කතාකරන්නෙ)"ග්ර්ර්ර්ර්.... ගෙ-ද-ර යනවා......!!!"
'
'
'
"ම්. මො.. ඒත්~ ගියානෙ"සේහි හිටියෙ ඒ දැක්කෙ හීනයක්ද කියලා විශ්වාස කරන්න බැරුව.. බ්‍රැන්ඩො කතා කරනවා...??? හිතන්නවත් පුලුවන්ද කතා කරනවා කියලා.. අනික කිව්වෙත් ගෙදර යන්න කියලා.. ගෙදර කියලා අදහස් කරේ අපාට්මන්ට් එකටද. නැත්තං ආයෙ ජියා ඔම්මලා ලගට යන්න කියලද.. මුකුත් අහන්න කට අරින්නත් කලින් බ්‍රැන්ඩො බිල්ඩින් එකෙන් පහලට පැන්නා.. සේහි ගිහින් එබිලා බලද්දි බ්‍රැන්ඩො නෑ..
"ආයෙමත් අතුරුදහන් වෙලා.. එයා කතාකරනවා???"
සේහි එයාගෙ ටෙලස්කෝප් එකයි පොත් පැන්සල් ටිකයි එකතු කරගෙන බිල්ඩින් එකෙ ස්ලැබ් එකෙන් පහලට බැස්සා.. ගොඩක් අය කොලේජ් එකෙන් ගෙවල්වලට ගිහින්. සේහිත් අඩිය ඉක්මන් කරලා අපාට්මන්ට් එකට ගියා.
•
•
•
•
"ටේ...? ටේ....? ඔයා කොහෙද.. මං ආවා"
ජන්කුක් මැන්ශන් එකට එනකොට ටේහ්‍යුන් පේන්න හිටියෙ නැති නිසා මුලු මැන්ශන් එකම දෙවනත් කරන් ටේගෙ නම කිව්වත් ජන්කුක්ට ටේහ්‍යුන්ව හොයාගන්න බැරි උනා.
ඒත් එක්කම සේහිගෙ රූම් එකේ දොර ලාවට ඇරිලා තියෙනවා දැක්ක නිසා ජන්කුක් හෙමීට දොරත් ඈත් කරන් ඇතුලට ගියා. ටේහ්‍යුන් ඉන්නවා.. සේහිගෙ බැල්කනි එකේ දාලා තියෙන bean bag එක උඩ හාන්සි වෙලා vr box එකත් දාගෙන.
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Werewolf"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||