Time passedසේහි, යෝශි, හ්‍යුන්ජින් තුන් දෙනාම ස්ටේජ්
එකෙන් බැහැලා එනකොට හැමෝගෙම අත්පොලසන් නාද වලින් මුලු හෝල් එකම පිරිලා ඉතිරිලා ගියා.. ටේහ්‍යුන් අත්දෙක ගැලවෙන්න තරම් හයියෙන් අත්පුඩි ගහද්දි ජන්කුක් ඉස්සරහම පේලියෙ වාඩිවෙලා ඉන්න තැනින් නැගිටලා විසිලුත් ගහන්න පටන් ගත්තා..හැමෝම හිටියෙ ඔසී ඇවිල්ලා.. සේහිලාගෙ ඇකඩමි එකේ කොන්සට් එකේ අවසානෙ මේ විදියට ඉවර උනා.. කොන්සට් එකේ වැඩියෙන්ම කැපී පේන තුන් දෙනා උනෙත් හ්‍යුන්ජින් යෝශි සේහි තුන් දෙනා.. ඒ අතරිනුත් හ්‍යුන්ජින්..!!
හ්‍යුන්ජින් මේ වෙනකොට k-pop වලත් dancing & singing නිසාම සාමාන්‍ය විදියට ප්‍රසිද්ද නිසා කෙල්ලො හ්‍යුන්ජින්ගෙන් සයින් ගන්න පවා පොරකනවා... හ්‍යුන්ජින් ස්ටේජ් එකෙන් බහිද්දි කෙල්ලො වගයක් ඇවිල්ලා වට කරගත්ත නිසා හ්‍යුන්ජින්ට හොද පදෙන් අමතන ගමන් සේහියි යෝශියි ඒ අතරින් අමාරුවෙන් රිංගලා ජියා, මෙරීඩා ආන්ටි පවුලෙ කට්ටිය ඉන්න දිහාට ආවා..
ඒ ඇවිල්ලා සේහි සෙනඟ අස්සෙන් ඇස් යවලා අමාරුවෙන් හ්‍යුන්ජින්ව හොයාගත්තා.. කෙල්ලො හ්‍යුන්ජින්ව වට කරගෙන අත්සන් ගන්නවා.. යෝශි මේ වෙනකොට දත්මිටි කාගෙන ඉන්න හැටි දැකලා සේහි හිනාව තද කරන් හිටියා..
"අර මිනිහා... අර මිනිහා... කෙල්ලො එක්ක හුරතල් වෙලා... වරෙන්කො යෝශි ගාගෙන.. පේනවා නේහ්.. අන්න අන්න හග් කරා..."
"ඔච්චර ඉරිසියා කරන්න එපා යෝශි.. මේ.. සමහරවිට උබට මගේ මලයා ගැන කැමැත්තක්වත්...!?"
සේහි කම්මුල්දෙක තද කරගෙන යෝශි දිහා ඇස් උඩින් බලන ගමන් ඇහුවා.
"පිස්සුද? විකාරද? එහෙම නෙවෙයි.. ඌ හිටියෙ අපි එක්කනම් වෙන උන් වට කරගෙන මොකද්ද කරන්නෙ. ඌ දැනගන්න ඕන ඒ කෙල්ලොන්ගෙන් බේරිලා අපි ඉන්න තැනට එන්න..
අනික හුරතල් වෙන්න වෙලාවක් නැ අපි යන්න ඕන ෆ්ලයිට් එකට.. හෙට 18.. තමුසෙගෙයි උගෙයි බර්ත්ඩේ එක.. අපි මෙහෙ ඉදලා හරියන්නැ.."
යෝශි ආයෙමත් සේහිට මතක් කරා.. සේහිට තමන්ගෙ ඇගේ නහරයක් නහරයක් ගානෙ සියුම් වේදනාවක් මේ දවස් ටිකේම දැනුනත් සේහි ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ.. සේහි හිතුවෙ කොන්සට් එකට කලින් ඔසී ඇවිල්ලා ඒකෙ වැඩ වලට ප්‍රැක්ටිස් උන නිසා ඇග රිදෙනවා කියලා.. ඒත් සේහිගෙ වටාපිටාවෙ ඉන්න අය සේහිගෙ ඇගේ ලක්ශන වෙනස් වෙන දිහා හොඳින් දැක්කා..
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Hombres Lobo"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||