✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 44 🌙✨

109 8 13
                                    

"Ohh god...!!!"

ටේ..කුකී.. දෙන්නටම එක පාර කියවෙද්දි හැමෝගෙම අවදානෙ තිබ්බෙ ඉස්සරහින් යන යුන්ගියි හ්‍යුන්ජින් දිහාටයි.. එයාලා මේ දකින්නෙ මොකද්ද කියලා එයාලටම විශ්වාස කරගන්න බැරුවයි හිටියෙ.. යෝශියි ජිමිනුයි හොඳටම බය වෙලා..

හ්‍යුන්ජින් යුන්ගි දෙන්නා පිටතින් සාමාන්‍යයි වගෙ පෙනුනට.... දෙයියනේ එයාලගෙ හෙවනැල්ල වතුරෙන් බැලුවම..

ඒ ආත්මයන් ..!!!! රාක්ශයො වගේ ස්වරූපෙකින් කලු දුම් පිටවෙන රූප දෙකක් ඒ ගඟේ වතුරවලින් පෙනුනම සේහි ඉබේම වගෙ අඩි දෙකක් තුනක් ඒ දෙන්නට පහු වෙලා ඇවිදින්න ගත්තා..

සේහිගෙ ඇඟිලි තුඩුවලටයි නලල දෙපැත්තෙනුයි දාඩිය දාන්න ගත්තෙ ආත්මවලට තියෙන බයට වඩා හ්‍යුන්ජින්වයි යුන්ගිවයි මතක් වෙලා...

මේ ඉන්නෙ ඒ දෙන්නා නෙවෙයිනම්, ඒ දෙන්නට මොකද උනේ !?

"අ-අනේ ටේ... කුකී.... මේ ඒ දෙන්නා
නෙවෙයි..."

"ඔව් අපිටත් පේනවා ඒක..."

"හ්‍යුන්ජින්? යුන්ගි? අනෙ මගෙ මල්ලි..."

"ශ්ශ්ශ්.. සද්ද කරන්නෙපා සේහි.. ඉස්සෙල්ලා එහා පැත්තට යමු"

"ම්-මේ.. යුන්ගි නෙවෙයි.. අනේ කුකියෝ.. මගෙ මිනිහා... ඌ ඇත්තෙ ගඟෙන් මේ පැත්තෙනෙ.. අපි එයාලව හොයාගන්න ඕන්නැද්ද!"

ජිමින් බිඳුනු කටහඬකින් කිව්වෙ අනිත් අයත් කල්පනා කරන්න වැටෙද්දි... ඇත්තටම හ්‍යුන්ජින්ටයි යුන්ගිටයි මොකද උනේ? මේ දෙන්නා කොහොමද ඒගොල්ලොන්ගෙ රූප ගත්තෙ...

හැමෝම වතුරෙන් පේන මායාකාරී කලු ඡායාවන් දිහා බලාගෙන ගඟෙන් එගොඩ උනා....

"හරිනෙ හැමෝටම කරදරයක් නෑනෙ"

කුකී ඇහුවෙ ජිමින්ව බිමින් තියලා ටේහ්‍යුන්ට ගොඩට එන්න අතදෙන ගමන්.. ඒ අතරෙම හොරැහින් හ්‍යුන්ජින් දිහායි යුන්ගි දිහයි බලන ගමන්..

"පොඩ්ඩක් ඉන්න!"

"ඇයි සේහි?"

"mizuki?

"කෝ mizuki?"

"දෙයියනේ කොහොමද අපිට එයාව මඟෑරුනෙ?"

"අපිට එයාව අමතකම වෙලා ගියානෙ.."

ටේහ්‍යුන් පරිස්සමින් යෝශිවත් බිමින් තියලා ඉනට අත් දෙක තියාගෙන ගඟෙන් එහා පැත්ත බැලුවා.. mizuki පේන තෙක් මානෙක හිටියෙ නැ. දැන් මොකද්ද කරන්නෙ? එහෙන් හ්‍යුන්ජින් යුන්ගි දෙන්නට මොනා වෙලාද දන්නැ? මේ ආත්මයන් දෙකක් මේගොල්ලොන්ගෙ පස්සෙන් ආවෙ ඇයි කියලා දන්නැ? මොකක්හරි කරදරයක් අත ලග කියලා හැමෝටම දැනුනත් ඒකට කරන්න ඕන් මොකද්ද කියලත් කවුරුත් දැනන් හිටියෙ නෑ...

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now