මතක් කරනවා....!!!
කියවන්න අපහසු අය ස්කිප් කරන්ට.•
•
•
"සේහි.... සේහියා.... ලෑස්තිවෙලා ඉවරද? එලියට වරෙන් බන් පරක්කු වෙනවා..."
කඩාගෙන බිඳගෙන සේහිගෙ රූම් එකට ආවත් බාතෲම් එකෙන් ඇහෙන සද්දෙ නිසා යෝශි තේරුම් ගත්තා සේහි තාම ඉන්නෙ බාතෲම් එකේ කියලා..
"පොඩ්ඩක් ඉදපම් බෙරිහන් දෙන්නෙ.. ඉවරයි එනවා තව පොඩ්ඩකින්"
"අයියෝ වරෙන්කො ඉක්මනින්.. මගේ ට්‍රවුසර් එකේ සයිඩ් සිප් එක වහගන්න බැහ්නෙ.."
"පුදුම වදයක් බන්. නිදහසේ නාගන්නවත් නෑ.."
"යකො ෆ්ලයිට් එක තව පැයකින්.. අඩුම අපි පැය බාගෙකට කලින්වත් යන්න ඕන එයාපෝට් එකට"
සේහියි යෝශියි හිටියෙ ආපහු ගෙවල්වලට යන්න ලෑස්තිවෙලා.. ගිය සතිය අවසානෙ graduate උන නිසා මේ සතියෙ එයාලා ආපහු ගෙදර යනවා.. යෝශිගෙ අප්පා හදිසියේ අසනීප උනත් එක්ක graduate එකෙන් පස්සෙ දවසෙම මෙරීඩා ආන්ටි ගිය නිසා අද යෝශියි සේහියි තනියම තමයි ෆ්ලයිට් එකේ යන්නෙ.
'ටොක් ටොක්'
"යෝශි... කව්ද කියලා බලන්නකො."
"ආයිශ්..!!"
යෝශි ගිහින් රූම් ඩෝ එක ඇරියම එලියෙ හිටපු එක්කෙනා කෙලින්ම ඇවිල්ලා ඇදට පැන්නා..
"තමුසෙ ගියාම පාලුයි යකො"
"හ්‍යුන්ජින්..!?"
"අ.. අහ්.. මේ.. කෝ සේහි.. මං හිතුවෙ දොර ඇරියෙ සේහි කියලා."
හ්‍යුන්ජින් නැගිටලා ඇදේ හරියට වාඩි උනා.
"සේහි තාම බාතෲම් එකේ.."
"ආහ්.."
"හ්‍යුන්ජින්... මේ..."
"ඕහ්..??"
"ඒක නෙවෙයි ඔයාට පුලුවන්ද පොඩි වැඩක් කරන්න"
"මොකද්ද?"
යෝශි එක පැත්තකින් ට්‍රවුසර් සිප් එක අල්ලගෙන දෙගිඩියාවෙන් වගේ සිප් එක උඩ ඇඟිලි තුඩු යව යව හ්‍යුන්ජින් දිහා බැලුවා.
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Hombres Lobo"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||