(Vote goal-175❤️)
•
•
•
හ්‍යුන්ජින් ලේ බේරි බේරි අමාරුවෙන් යෝශිව කවර් කරන් ඉද්දි යෝශිත් හොදටම බය වෙලා ඉන්න බව සේහිට පෙනුනා.. සේහි අඩියට දෙකට හ්‍යුන්ජින් ලගට දුවන් ආවා..
"මොකද්ද ඕයි තමුසෙ මෙ කරේ.. අතාරිනවා හ්‍යුන්ජින්ව"
"ස්... සේහි... යන්න... යෝශිත්.. එ. එක්කගෙන යන්න."
සේහි හ්‍යුන්ජින් ලගට තව ලං වෙනවත් එක්කම යෝරා ලේ බේරෙන කිනිස්ස ආයෙමත් හ්‍යුන්ජින්ගෙ බෙල්ලට තියලා තද කරා.
"හහ්.. අතාරින්න? සේහියා.. තව එක අඩියක්වත් ඉස්සරහට එන්න එපා.. තමුන්ගෙ සහෝදරයා පන පිටින් ඕනනම් ඉස්සරහට එන්නෙ නැතුව ඉදපන්.."
"යෝරා.. තමුසෙට මොනාද ඕන.. මොකද්ද මෙ වෙලා තියෙන්නෙ"
"මූ... මූ හිටියෙ නැත්තං එදා මං ගානට උබව කොටු කරගන්නවා.. මූ නිසා තමයි සේරම.. බලන් ඉදපන් අද මං උබලා ඔක්කොම ඉවරයක් කරනවා.."
යෝරා හ්‍යුන්ජින්ගෙ බෙල්ල අතෑරල හ්‍යුන්ජින්ගෙ පිටිපස්සට ගිහින් ආයෙමත් හ්‍යුන්ජින්ගෙ තුවාලෙ ඉලක්ක කරලා කිනිස්සෙන් අනින්න හදද්දිම සේහි කෑ ගැහුවා.
"ශිෆ්ට් වෙන්න හ්‍යුන්ජින්...!!!"
හ්‍යුන්ජින් පූසා විදියට ශිෆ්ට් වෙද්දි කේන්තියෙන් යෝරා යෝශිට පනින්න හදනවත් එක්කම සේහි ගිහින් යෝශව තල්ලු කරලා දාලා කිනිස්ස අතට ගත්තා. යෝරගෙ සැරින් සැරේ රතු පාට වෙන ඇස් දිහා සේහි පුදුමෙන් බලන් හිටියා.
"හ්‍යුන්ජින්වත් අරගෙන දුවන්න යෝශි... ඉක්මනට...!!"
"සේහි ඔයත් එන්න.."
සේහි බංකුව උඩ තිබ්බ එයාලගේ බෑග් ටිකත් අරගෙන යෝශි පස්සෙන් දිව්වා.. සේහි පස්සෙ යෝරා පන්නන බව දැනුන නිසා යෝශිලාව වෙන පැත්තකට යවපු සේහි යෝරව නොමග යවන්න වෙන පැත්තකට ගිහින් ආයෙමත් යෝශි ගාවට ආවා..
"මෙහෙට යමු සේහි... අලුත්වැඩියා කරන හෝල් එකේ කවුරුත් නැතුව ඇති.."
"යමු ඉක්මනට. යෝරා එනවා ඇති..!!"
සේහි යෝශිවත් ඇදගෙන ඒ දෙන්නා කතාවුන හෝල් එක ඇතුලට ගියා.. ඒ හෝල් එක පුරාම තිබ්බෙ පරන කැඩුනු බිඳුනු ඩෙස්.. කව්රුත් නොහිටපු කට්ට කරුවල හෝල් එකට ඇතුල් උන සේහියි යෝශියි ඒ ඩෙස් පේලියක් අස්සෙ හැංගුනා. යෝශිගෙ ඇදුමෙ ලේ එකයි..
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Werewolf"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||