✓. 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 31 🌙✨

102 18 29
                                    

"කුකීට මොකද්ද උනේ.."

"කෝ මේ කඳුලු පිහිදාගන්නකො.. බලන්න කම්මුල් දෙක පෙඟිලා ගිහින් වගේ"

"ඒ හිටියෙ මං දන්න කුකී නෙවෙයි ටේ.. අනෙ මං නැති ටිකට කුකීට මොකද්ද උනේ.."

"කුකීට රට් එක සේහි... ඒක හැදුනම වුල්ෆ් පිස්සු නටනවා.. එයා ඉන්නෙ හරි සිහියෙන් නෙවෙයි.. රෑ වෙද්දි හරි යයි"

"මට ඔයා කිව්වෙ නෑනෙ.. මොකද්ද රට් එක කියන්නෙ කියලා.."

"රට් එක.. රට් එක කියන්නෙ නේද? ම්ම්ම්.. මෙහෙමයි.. ඒක තේරෙන විදියට කිව්වොත්.. මේහ්~~"

ටේහ්‍යුන් බෙල්ලත් කස කස උඩ බිම බලන්න් ගත්තම සේහිට මල පැන්නා.

"මේ මේ ගාන්නැතුව කියනවකො"

"අහලා තියෙනවද මද කිපෙනවා කියලා එකක්.."

ටේහ්‍යුන් ඇඳේ බෙට්ශීට් එකේ ඇගිල්ලෙන් ඉරි අඳින ගමන් සේහිගෙන් ඇහුවා.

"ඒක හැදෙන්නෙ අලින්ටනෙ.."

"හරි... ඒ කාලෙට අලින්ට කියන වචනෙනෙ ඒක.. ඔයා ඒකෙ තේරුම දන්නවද?"

"ම්ම්ම්... ඒ කියන්නෙ අර දඟලන කාලෙනෙ.. ආආහ්...!!! එයාලට සංසර්--ම්ම්ම්හ්හ්හ්"

"ස්-සේහි......!!!"

"ආශ්... අත ගන්නවා.."

"ඔයා කොහෙන්ද ඔය වචන දැනගත්තෙ..?"

"අනෙ ටේ.. මාව මොන්ටිසෝරි යන ලමයෙක් විදියට බලන එක නවත්තන්නකො... ඔයාලා මට කිසිම දෙයක් නොකිය මගෙන් හැංගුවොත් එහෙම මං මේ ලෝකෙ ගැන මෙලෝ ල-අහ්ම්.. මෙලෝ මගුලක් දන්නැනෙ"

ටේ ඇස් දෙක හීනි කරන් සේහි දිහා බලන් හිටියම සේහි කොට්ටෙ බදාගෙන ඒකට මූන ඔබාගෙන හිටියා..

"මට පේන්නෙ අර හ්‍යුන්ජින් කියන එකා තමුසෙව හොඳටම නරක් කරලා වගේ..."

ඔන්න සේහි කොට්ටෙට ඔලුව ඔබාගෙන ඉදලා හ්‍යුන්ජින්ගෙ නම ඇහෙනවත් එක්කම ඔලුව ඉස්සුවා.. සේහිට එතකොට තමයි හ්‍යුන්ජින්ව මතක් උනේ.. ආවා කියලා කියන්නවත් බැරි උනා..

සේහි ඇදෙන් පැනලා එයාගෙ ලැගේජ් එක ලාවට ගියා.. ඒත් සේහිට දැනුනා සේහිගෙ ඇග පුදුම විදියට රිදෙනවා.. ඒක ගනන් ගන්නෙ නැතුව ලැගේජ් එකේ ඉස්සරහින්ම තියෙන පොකට් එකට අත දාලා ෆෝන් එක ගත්ත සේහි හ්‍යුන්ජින්ගෙ නම්බර් එක ඩයල් කරන ගමන් ඉනත් අල්ලගෙන හෙමින් ඇවිත් ඇඳෙන් වාඩි උනා.. ටේහ්‍යුන්ට මීටර් උනේ නෑ සේහි ඉන්නෙ අමාරුවෙන් කියලා ටේහ්‍යුන් එබි එබී හිටියෙ සේහි කාටද කෝල් කරන්නෙ කියලා හරියට බලාගන්න බැරුව...

•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨  (Ongoing)Where stories live. Discover now