සේහි ගත්ත කෝල් එක ටේ සේහිට බැනලා කට් කරාම සේහි ආයෙම ටේට කෝල් එකක් ගත්තා.. බැන්නා කියලා කතා නොකර හිටියොත් ඒකටත් බැනුම් අහන්න වෙන බව දන්න සේහි ආයෙම කුකීගෙ ෆෝන් එකට ඩයල් කරා...."හෙලෝ කුකී..."
"මොකද.. අහගත්තා නෙහ් ටේගෙන්.. හොද වැඩේ.."
"අනෙ මොකද්ද කුකී... සොරි සොරි ඉතින්.. මට නින්ද ගියා.. ඊටපස්සෙ ෆ්ලයිට් එකෙන් එන වෙලේ ෆෝන් එක බෑග් එක අස්සට දාගත්ත නිසා මං රූම් එකට ඇවිල්ලම කෝල් එකක් ගන්න හිතන් හිටියෙ."
"අනෙ මෙ නිකන් ඉන්නව හලෝ.. තමුසෙ කෝල් ආන්සර් කරන්නැති නිසා අර කොල්ලට ගත්තම තමුසෙ ඒකත් කට් කරා..."
"මං නෙවෙයි කුකී කට් කරේ.. හ්‍යුන්ජින්... එයාගෙ හපන්කම් කියාවි කියලා තමයි කට් කරෙ.. කුකී දන්නෙ නැහ්නෙ.. පුදුම වදයක් දුන්නෙ ඌ ඉදගෙන........
එහෙම කියලා කුකී ෆ්ලයිට් එක ඇතුලෙ උන සේරම දේවල් කිව්වා.. බලෙන් ඇවිල්ලා වාඩි උන ඒවා, වද දුන්න ඒවා, කුකීස් කැව්ව ඒවා.. එ වගේම මහා ලැජ්ජකාරයෙක් කියලත් සේහි කුකීට කිව්වා..
"ම්ම්ම්.... ඌ හෙන ඇට්ටරයි වගෙ තමයි.. හැබැයි හරි හොදයි වගේ තේරෙනවා සේහි... යෝශිලා එක්ක ඉන්නව වගේම ඌත් එක්කත් ඉන්න.."
"ඒත් කුකී මට බයයි... එයා කලින් කිව්වා ඔම්මලා අප්පලා එයාව බලෙන් එව්වෙ ෆයිනල් එක්සෑම් කරන්න කියලා... ඒත් දැන් ටිකකට කලින් කිව්වා එයාගෙ ඔම්මයි අප්පයි නැ කියලා.. අප්පා නැති වෙලාලු.. ඔම්මා දාලා ගිහින්ලු.."
"මොකක්... ඔම්මා අප්පා නැත්තං ඇයි කලින් කිව්වෙ ඔම්මා අප්පා ඉන්නව කියලා.. මෙහෙම වෙන්නත් පුලුවන් සේහි.. ඔයාම කිව්වනෙ කොල්ලා ලැජ්ජකාරයා කියලා.. එයාට ඔම්මා අප්පා නැ කියලා කියන්න ලැජ්ජ හිතුනද දන්නැහ්නෙ.. කෝකටත් පරිස්සමින් හැබැයි"
"ම්ම්ම්... හරි කුකී... අනෙ ටේ කෝ.... මට එයත් එක්ක කතා කරන්න බැරි උනානෙ.."
"ඉන්න මං දෙන්නම්... එයා තරහින් ඉන්නෙ.. එයා නෙවෙයි මමත් තමුසෙව මරන්න තරම් කේන්තියකින් හිටියෙ.. හ්‍යුන්ජින්ගෙ ෆෝන් එකෙන් හරි කතා කරපු නිසා පොඩ්ඩක් තරහ නිවුනා.."
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Hombres Lobo"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||