සේහිගෙ ඇගෙන් දැනෙන උහුලන්න බැරි වේදනාව එක්ක වෙඩි හඩත් එක්ක එහෙම්ම වකුටු වෙද්දි කැලේ මැද්දෙන් ආපු සීතල හුලං පාරක් සේහිගෙ නිරුවත් පිටේ වැදීගෙන ගියා..
පැත්තකින් තුන් හතරදෙනෙක් හ්‍යුන්ජින්ව වට කරගෙන ඉන්නවා වගේ සේහිට යන්තමින් පෙනුනත් අහසෙන් ඇහෙන හෙන හඩයි, කැලෑවෙ හුලං සද්දෙයි එක්ක සේහිට හ්‍යුන්ජින්ගෙ හඬ, ඒ ආපු අයගෙ හඬ වෙන් කරලා අඳුරගන්න බැරි උනා...
"වෙලාව 12:00යි දෙසැම්බර් 18..!! අවුරුදු දහ අටක් සම්පූර්ණ වෙනකන් බලන් හිටිය ඒ අනාවැකිය ඇත්ත වෙන්න පටන් ගන්න දවස අදයි"
'හේගල්' තමන්ගෙ නිවසෙ ඉන්න ගමන් වටේ පිටේ තියෙන සේරම මායා භාන්ඩ ලං කරගෙන සඳ දෙව්දුවට යාඥා කරන්න ගත්තා.. සේහි වෙනුවෙන්, හ්‍යුන්ජින් වෙනුවෙන්, මුලු මහත් වුල්ෆ් සංහතිය වෙනුවෙන්.. යාඥා කරන්න ගත්තා..
"ටියෙලෝ.....! යන්න.....!!"
හේගල්ගෙ අවසරෙන් ටියෙලෝ අකුනකටත් වඩා වේගෙන් එතනින් දුවලා ගියා..
සේහිගෙ පිට පසාරු කරගෙන සුදු පාටට යමක් එලියට ඇවිත් තිබ්බා.. සේහිට පේන්නෙ නෑ.. ඒත් මුලු පිටේම ඇටකටු කුඩු වෙලා යන තරම් වේදනයි..
"අරකිගෙ තටු දෙක එන්න කලින් කපලා දාපන්"
"ඉක්මන් කරපන්"
සේහිට කට්ටියගෙ කටහඬවල් ඇහුනා.. දෙන්නෙක් ඇවිත් සේහිගෙ උරහිසෙන් අදිද්දි සේහිට වේදනාව තව වැඩි උනා.. ඒත් ඊලග තප්පරේ සේහිට ඇහුනෙ හැමෝම වේදනාවෙන් විලාප දෙන හඬවල් විතරයි.. වුල්ෆ් කෙනෙක්ගෙ කටහඬක්.. සේහි යන්තමින් ඇස් ඇරියා.. තාම වෙලාව රාත්‍රී දොලහයි... 12.01 වෙනකන් සේහිට අල්ලගෙන් ඉන්නම සිද්ද වෙනවා... සේහි දැක්කා පැත්තකින් එක තටුවකින් ලේ බේරීගෙන ඉන්න හ්‍යුන්ජින්වත්, එයාලට කරදර කරන්න ආපු කට්ටියව සපා කන ටියෙලෝවත්... සේහිට ටියෙලෝ දැක්කම කෙනෙක් මතක් උනා...
YOU ARE READING
•| 𝐌𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐌𝐨𝐨𝐧 𝐆𝐨𝐝𝐝𝐞𝐬𝐬 |•🐺🌕✨ (Ongoing)
Hombres Lobo"අනේ සේහි.. මොකද්ද මෙ වෙන්නෙ..?" "මං දන්නෙත් නැ.. මං මැරෙයිද?" "නැ නැ එහෙම වෙන්නැ.." "එහෙම උනොත්.. මට සමාවෙන්න.." "එයා අනිවාර්යයෙන් මැරෙනවා." 🥀💢 𝚂𝚝𝚊𝚛𝚝𝚎𝚍 : 2023/12/05 || 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 ||