❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
යූසේ...........💚❤💛
.
.
.
.
." ලොක්කයියා......."
" හ්ම්ම්ම්......"
" මේ ගමන ඉවර වෙන්න පැය කීයක් යනවද......"
යුසේ එවර හොන්ෂි වෙතට අමුතුම බැල්මක් හෙලුවේය .... ලොරිය තුළ ආලෝකයක් නැත ඉතින් ඔහුගේ බැල්ම හරියට නොදුටුවත් ඔය ලෙසින් සෘජුව බලන්නේ කේන්ති ගිය විටදී බව දන්නා හොන්ෂි මෝඩ හිනාවක් පෑවේය ....
" හරි හරි මට චූ බරක් එහෙම නෑ.......මං නිකමට ඇහුවේ......"
හොන්ෂි එලෙසින් පවසා ලෑලි පෙට්ටියකට හේත්තු උනේය.....
" එහෙම එකක් තිබ්බත් ඉවසගෙන ඉන්න වෙනවා.... කන බොන එක නතර කරලා වාඩිවෙලා හිටපල්ලා......"
එය විධානයකි.... සමහරවිට අනෙක් පස සිටින තැනැත්තාටත් ඇසෙන්නටම දුන් විධානයකි....... මේ වන විට ඔවුන් ගමනෙන් හෝරාවක් පමණ අවසන් කර තිබුණි...... යන්නේ කොහෙද , දැන් ඉන්නේ කොතනද , මේ කිසිවක් ඔවුන්ට පෙනෙන්නේ නැත.....අනෙක් අතට ගමනාන්තය පිළිබඳව දන්නා තැනැත්තා ඒ පිළිබඳව පවසන්නේත් නැත..... ඔහු මීට විනාඩි කිහිපයකට පෙර එක දිගට පැමිණෙන ඇමතුමක් නිසාවෙන් ෂූයෑන්ග් හට කෙටි පණිවිඩයක් තබා දුරකථනය ක්රියා විරහිත කලේය ...
දුරකථනය ක්රියා විරහිත කරන වෙලාවේ එහි වේලාව මධ්යම රාත්රී 12 ලෙස සටහන් වී තිබෙන ආකාරය ශාන් දුටුවේය..
හොන්ෂි කොපමණ දුරක් තිබෙනවාදැයි අසා තවත් හෝරාවක් පමණ ගත වෙමින් තිබුණි....... දැන් නම් ඔහුගේ පැත්තෙන් සද්දයක් බද්දයක් නැත... ශාන් කොණ්දෙන් ඉදිරියට නැවී ඔහු දෙස බැලුවේ යූසේත් හිස ලෑලි පෙට්ටියකට හේත්තු කරගෙන දෙනෙත් පියාගෙන සිටින බව දුටු නිසාවෙනි........
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥