56.... සැනසුම් සුසුමක් ........♟️

1.6K 382 274
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

.
.
.
.
.
.

" good morning  මගෙ ඔෆිසර් මහත්තයෝ ....... අවදි වෙන්න ඉතින්........ඉර පස්ස පැත්ත ඉඹිනවා ඔන්න....... "

සෙමින් සෙමින් හිසකේ අතර ගමන් කරන ඇඟිලිතුඩු  ස්පර්ශයක් සමග කන අසලින්ම ආදරණීය ලෙස ඇසෙන කටහඬක් සමඟින් යූසේ දෙනෙත් විවරකලේ  ඇඟපතට දැනෙන දැඩි වේදනාවක්ද සමඟයි.....

එක්වරම තමන් ඉන්නේ කොහෙද කරන්නේ මොනවාද කියා අවබෝධයක් නැතිව ඇස් දෙකට කෙලින්ම එල්ල වෙන බිත්තිය දෙස ටික වේලාවක් බලාගෙන සිටි යූසේ ඇස් ඔසවා තමන් දෙසටම යොමුවී තිබෙන ආදරණීය දෙනෙත් අසල නතර වුනේය ...........

" මොනවා හරි කාලා බෙහෙත් බොන්න ඕන පණ........"

ආදරණීය දෙනෙත් සිනහවකින් සිහින් වී ඊළඟට ඒවා ඔහුගේ මුහුණට තව තවත් ළං වී සෙමෙන් පියවි ඒ දෙනෙත් වලට පහලින් තිබුණු දේ තොල් නළල මතින් ස්පර්ශ වෙද්දී යූසේගේ දෙනෙත් පවා පියවුනේය ..........

අවදි වූ සැණින් මේ ලෙසින් තමන්ගේ ආදරණීයයාගෙන්  ලැබෙන ආදරණීය හාදුවක් ගිලන් වී තිබෙන සිතටත් පුදුමාකාර සැනසීමක් ගෙන එනවා නොවේදැයි දෙනෙත් පියා ගෙනම යුසේ කල්පනා කළේය ....

" good morning  චෝපියෝ......."

ශාන්  යූසේට ඇඳ වියලට හේත්තුවී වාඩිවෙන්නට උදව් කළේය......

" වෙලාව අටහමාරයි........තව ටිකක් නිදියන්න දෙනවා. ඒත් බෑනේ බෙහෙත් ටික දෙන්න කියලා ඔයාගේ දොස්තර යාළුවා මට කෝල් කරලා තර්ජනය කරනවා......."

බෙඩ් සයිඩ් කැබිනට් එක මත තිබෙන වතුර වීදුරුව යූසේ අතට දුන් ශාන්  කට සෝදා දමන්නට බඳුනක් ද අතැතිව ඔහු අසලට ආවේය......

" ඇවිදලා වොෂ් රූම් එකට යන්න පුළුවන් බං....."

මේ ලෙසින් සාත්තු සප්පායම් කරද්දි හිතට හරි නැති නිසා යූසේ මූනත් අමුතු කරමින් කීවේය ...

" කොන්දට වැදිච්ච පාරවල් නිසා ඇවිදින්න දෙන්න එපා කිව්වා හෙට උදේ වෙනකල්.......මම මේ අනුගමනය කරන්නේ ඔබේ වෙද මිතුරාගේ උපදෙස්.......දැන් ඉතින් මගේ මල යකා  ආරූඩ කර ගන්නේ නැතිව කට හෝදපං යූසේ......."

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now