❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
.
.
.
.
.
." ඇනා.......ගෙදර හැමෝම පාටියට ලෑස්ති වෙද්දි ඔයා මොනවද මේ සර්වන්ට්ලා එක්ක එකතු වෙලා මෙතන කරන්නේ..."
" අහ්......යෙන් ගගා...... මේ ෂියෙන් අංකල් තමයි මට මේ වැඩ ටික ඉවර කරන්න කියලා කිව්වේ....."
ඇනා වේදනාව මුසු වූ මුහුණකින් එලෙසින් පවසද්දී යෙන්ගේ දෑස් සිහින්වුනේය......
" ශාන් දන්නවද ඔයා මෙහෙම වැඩ කරනවා කියලා....."
ඇනා නිවසට කැඳවාගත්තේ ශාන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නට බව යෙන් දැනගෙන සිටින නිසාම කුතුහලයෙන් යුතුව එලෙසින් ඇසුවේය......ඇනාගෙ වේදනාව මුසු වූ මුහුණ තවත් අඳුරු වී ගිය අතර ඇය ඉක්මනින් බිම බලා ගත්තේය.....
" මොකක්ද ප්‍රශ්නෙ ඇනා....."
යෙන් තවත් අඩි කිහිපයක් ඇනා අසලට ආවේය ...මේ ඔහුත් පක්ෂ කාර්‍යාලයට ගොස් කඩිමුඩියේ නිවසට එන අතරයි......සවස තිබෙන උත්සවයේ වැඩකටයුතු සොයා බැලීම ෂියෙන් ඔහුට බාරදී තිබුනි....... ඉතින් ප්‍රධාන ගේට්ටුවෙන් වාහනය වත්තට ගමන් දීම දුටුවේ උද්‍යානයේ සැරසිලි කටයුතු සිදු කරන සේවක සේවිකාවන් සමඟ හරි හරියට වැඩ කරන ඇනාවයි.......
" නෑ ගගා........එහෙම ප්‍රශ්නයක් නෑ......ශාන් ගගා කොහොමත් මගෙත් එක්ක ලොකු හිතවත් කමක් නෑ........"
යෙන් බර හුස්මක් පිටකලේය ......
"එතකොට අපේ පපා මේ ප්‍රපෝසල් එක ගෙනාවෙ බලෙන්ම එයාගෙ තනි කැමැත්තටද......"
ඇනා කිසිවක් පවසන්නේ නැතිව නිහඩව සිටියේය .....
" යන්න ගිහින් වොෂ් එකක් දාලා පාටියට ලෑස්තිවෙන්න ........ මම පපා එක්ක කියන්නම්......'"
" ඒත් ගගා.......ෂියෙන් අංකල් හිතයි මම ගගාට කේලම් කිව්වා කියලා ......."
ඇනා අසරණව කියද්දී යෙන්ගේ හිතට ඇය කෙරෙහි පුදුමාකාර වේදනාවක් ඇතිවුනේය ....
" ඔයාට ප්‍රශ්නයක් වෙන විදිහට මම කතාකරන්නෙ නෑ....... බය නොවී ඇතුලට යන්න.......හය වෙද්දී අමුත්තො එනවා.......ලෑස්තිවෙලා එන්න........"
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥