❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
.
.
.
.
.",good morning ගගා......."
" good morning ඇනා....... ඔය මොකක්ද කරන්නෙ....."
" ආන්ටි යීයී කිව්වා මේ කර්ට්න් ගලවන්න කිය්......."
" ඒකට ඔය කට්ටිය ඉන්නෙ..... ඔයා ගිහින් මට කොෆී එකක් අරගෙන එන්නකො......"
යෙන් මේ උදෑසන දහයට පමණ පියාගේ රාජකාරී කටයුත්තක් සඳහා නිවසින් පිටව යන්නට සූදානම් වන මොහොතයි.... ඔහු ආලින්දයට එන විට දුටුවේ තවත් සේවිකාවන් කිහිප දෙනෙකු සමග ආලින්දයේ විශාල ජනෙල් ආවරණය කර තිබෙන තිර ගලවමින් සිටින ඇනාවයි.......
දැන් දැන් ඔහුට ඇනා මේ ලෙසින් පීඩාවට පත්වන ආකාරය බලාගෙන සිටින්නටම නොහැකි වී ඇත.....තමන් දකින විට ඒ මුහුණේ ඇඳෙන අහිංසක භාවය පිරුණු අසරණ සිනාව යෙන්ට අමුතුම හැඟීමක් ඇති කරන්නට සමත් වී ඇත....... ඒ හැඟීම කුමක්දැයි හරියටම වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නට නොහැකි වුනොත් ඇනා මේ ලෙසින් සේවිකාවකගේ භූමිකාව රඟපාද්දී යෙන්ගේ හිතට කේන්තියක් ඇතිවන්නේය....
" පොඩි සර් දැක්කද අපේ ශාන් බේබිගෙ වීඩියෝ එක......"
යෙන් අසලට පැමිණි ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා සිනාසෙමින් අසද්දී යෙන් ඔව් යැයි හිස සැලුවේය ...
" මේ කොල්ලා මෙච්චර සංවේදී කියලා මම දැනගෙන හිටියෙත් නෑ ........ බලන්නකෝ ඇස්වල කඳුළු...... හිතාගන්න බෑ......"
ඉතින් ආරක්ෂකයා ශාන් පිළිබඳව විමසද්දීත් ඔහු සිටියේ ආලින්දයේ අසුන්ගෙන දුරකථනයෙන් එම වීඩියෝව සහ ඊට ලැබෙන ප්‍රතිචාර නරඹන අතර යි.....
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
أدب الهواة💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥