58... ඉරණමක ඇරඹුම.......♟️

1.6K 377 271
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.

හීරෝ........... හදලා එවපු කතාවට ඇයි ඒ වගේ කොටසක් ඇඩ් කරේ......"

" අහ්......... එතන වැඩිපුරම හිටියේ තරුණ කොල්ලෝ කෙල්ලෝ......ඉතින් මට හිතුණා ඒගොල්ලන්ගේ හිතටත් බලාපොරොත්තුවක් ඇති කරන්න......."

" ඒත්..........ආයෙ මම හදලා දෙන කතාවට කිසි දෙයක් පිටින් ඇඩ් කරන්න එපා....... "

ඒ හඬ හි තිබුණේ අණ කිරීමක් නම් නොවේ තනිකරම තර්ජනයකි........ ශාන්ගේ මුව අගට හරි අපූරු සිනහවක් ඇඳුණු අතර ඊළඟට ඔහු බැලුවේ ඔහු ඉදිරියේ අසුන්ගෙන සිටින පුද්ගලයෙක් දෙසයි......ඔහුත් සිනාසෙමින් හිස සැලුවේ ඇමතිවරයා කතා කරන දේවල් දුරකථනය හරහා ඔහුගේ සවනතත් වැකෙන නිසාවෙනි.....

" හරි ෂියෙන් පපා .......ඒ වුනාට මිනිස්සු දැන් පුංචි තැන්වලින් පවා පොයින්ට්ස් අල්ලගෙන කතා හදන්න හරි දක්ෂයි......... පරණ මත දරන මනුස්සයෙක් කියලා ආපහු කතාවක් ගියොත් එහෙම චන්දෙ කටේ තියාගෙන පාඩුව අපිටම නෙවෙයිද......."

දැන් ඉතින් අනිත් පැත්තෙන් කතාවක් බහක් නැත.......

" අනික ෂියෙන් පපා අපේ රට විතරක් නෙවෙයි මේ ලෝකෙම අලුත් වෙන වෙලාවේ පරණ ක්‍රමයටම කතා පවත්වන්න ගියොත් එහෙම මිනිස්සු අපි දිහා බලන්නේ හානමිටි අදහස් තියෙන කණ්ඩායමක් විදිහට.......... "

ෂියෙන් ඔහුට ඇසෙන මේ කතා නිසාවෙන් සිටින්නේ එක් අතක් මිට මොලවාගෙනයි......... උණු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දාන්නත් බැරි තත්ත්වයකට ශාන් පත්වී ඇතිබව ගෙවී ගිය සතිය පුරාවට කීවෙනි වතාවටද ඔහුට අවබෝධ උනේය ........ මැතිවරණයට හරියටම ඇත්තේ සතියක කාලයකි.......අද උදෑසන ශාන් අවසන් මහා රැස්වීම ඇමතූ අතර පෙර දින රාත්‍රියේ ෂියෙන් සූදානම් කර එවූ කතාව ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් කලේ ෂාන් ගෙන් පසුව ඊළඟට මෙම තනතුර ලබාගන්නා තැනැත්තාගේ අභිමතය පරිද්දෙනි....

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now