❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
.
.
.
.
.
." අම්මට බයේ හිටිය පුතෙක්යෑ මගේ හිරෝ... දැන් ඉන්න ගාඩ්ලා දෙන්නා එරික්ලට වඩා සීයට දෙසීයක් ෂුවර්...... බය නැතුව ඕන තැනක යන්න.......මං ඉතින් ඕනේ තරම් ඔයාට නිදහස දීලනේ තියෙන්නේ......අනික මම සිද්ධ වෙච්ච දේවල් ගැන ඔයත් එක්ක ඕනවට වඩා කතා කළේ නැත්තෙත් ඒක වෙලා ඉවර නිසා..... ඔයා නැති සති දෙකම මම ඔයාගේ වැඩවලට තමයි යොදවලා තිබුණේ......"
ඔය ලෙසින් ටික වේලාවක් කතා කරමින් සිටියදී ඔහුගේ දුරකථනයට ඇමතුමක් පැමිණ නිසා එතැනින් නැගිට ඔහු නිවස දෙසට ඇවිදගෙන ගියේය......තමන්ට පිටුපා ඇවිදගෙන යන ෂියෙන් දෙස ශාන් ටික වේලාවක් බලාගෙන සිටිද්දී ඔහුට හරි අපූරු සිතුවිලි ටිකක් පහළ වෙන්නට පටන් ගත්තේය.......
**
... මට ක්ලබ් යන්න මියුසික් කරන්න කියලා බලකරන ෂියෙන් පපා එයාගේ පුතාලා දෙන්නට නීති දාන්නෙ ඇයි.......යූසේ එක දවසක් මට කිව්වා..... උඹට ඕනවට වඩා ආදරේ පෙන්නන්න හදන අය ගැන කල්පනාවෙන් හිටපන් කියලා.... එයා නොකියා කියන්න හැදුවේ මොකක්ද..... පණ දෙන්න වගේ ආදරය කරනවා කියලා පෙන්න පෙන්න මාව අමාරුවේ දාන්න හදන කෙනෙක් මේ ගෙදර ඇතුලෙ ඉන්නවා කියන එක නේද....... ඒත් ෂියෙන් පපා එහෙම කරයිද.........
ශාන් බරම බර හුස්මක් පිට කරමින් වාඩිවී සිටි ඉරියව්ව පවා වෙනස් කලේ මේ හදවතට දැනෙන අමුතු හැඟීම නැති කරගන්නට හිතාගෙනයි.....
යීයී මමාට ඒ කියන්නෙ යෙන් ගගාගෙ අම්මට එකපාරල් මින් අයියා සැර උනා කියලා ෂියෙන් පපා බෙල්ට් එකකින් ගැහුවා.......ඒත් එයා මට නිතරම කියන්නේ අම්මට ඔලුව නමන්නේ මොකටද කියලා ........බලාගෙන යනකොට හීරෝ හීරෝ කිය කිය මාව බූරුවට අන්දපු එකද එයා කරලා තියෙන්නෙ...... එක පාරටම තීරණයකට එන්න හොඳ නෑ ......හැබැයි එහෙම වුණොත් ඔයා සෙල්ලම් කරලා තියෙන්නෙ වැරදි මිනිහත් එක්ක........හ්ම්ම්ම්......එහෙනම් ඉතින් අපි හොයලා බලමු.....බූරුවාට ඇන්ද මමත් හිමීට සිංහයාට ඇඳගන්නම්කෝ.......
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥