61... තියේවිද සමාවක්......♟️

1.6K 375 306
                                    

❤️‍🔥❤️‍🔥🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️‍🔥❤️‍🔥.

 ❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.

ඕඩර් ........ඕඩර්........ඕඩර්........

නඩුකාරවරයා එලෙසින් කෑ ගසද්දී අතුරු සිදුරු නැතුව පිරී තිබෙන උසාවිය නිශ්ශබ්ද වුණේය...... දැන් මේ සූදානම් වන්නේ මුළු රටක්ම බලාගෙන සිටින ෂියාඕ ෂියෙන් ගේ නඩු තීන්දුව ලබා දෙන තුරුයි.......

එදා ශාන්ව පැහැරගන්නට උත්සාහ කළ දිනයෙන් දින හතරක් ගතවී තිබුනු අතර ෂියෙන්ගේ වැරදි සියල්ල එකින් එක ගොනු කරමින් ඉදිරිපත් කරන්නට ගෙවී ගිය දින කිහිපයම යූසේ බෙයිජින් ප්‍රධාන මූලස්ථානයේ රැදී සිටියේය ..... ඉතින් නඩුව අදට යෙදී තිබියදී උදෑසන දහය වන විට අයිහාන් යීහා සමඟ උසාවියට පැමිනි අතර ඉදිරිපස අසුන්වල සම්පූර්ණයෙන්ම වාඩිවී සිටියේ ෂියෙන් ගේ අසාධාරණයන්ට ලක්වී සිටි පවුල් වල උදවියයි...

පිලිවෙලට ශාන් , යීහා , අයිහාන් , ඇනා , එරික් ගේ මව , සහෝදරිය , සොයුරා , අයි ලුන් ඔහුගේ මව , සහ ෂියෙන් අසලම සේවය කල තවත් ආරක්ෂකයින් කිහිපදෙනෙකුගේ පවුල් වල සාමාජිකයන් එතැන අසුන්ගෙන සිටි අතර ඊට අමතරව යීයී , යෙන් , ශෙරීන් , ෂිජින් අසුන්ගෙන සිටියේය .....

මේ වන විට ඔහුට විරුද්ධව තිබුණු චෝදනා සියල්ල කතාබහට ලක් කර අවසන්ව තිබුණු අතර නඩුකාරවරයාට අනෙක් වශයෙන් අසුන්ගෙන සිටින ජූරි සභාවක් අඩ හෝරාවක සාකච්ඡාවකට පසුව අවසන් තීන්දුව නඩුකාරවරයා අතට පත්කර තිබුණි..... ෂියෙන්  විත්තිකූඩුවෙ  සිටින්නේ බිම බලාගෙනයි ........ ගෙවී ගිය දින හතරක කාලය පුරාම ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබුණු අතර මෙතන මිනිසුන්ගේ කසු කුසුවට ඔහුව ලක් වෙන්නට ප්‍රධානම හේතුව ඔහු විසින් සිදුකර තිබෙන අකටයුතුකම් එකින් එක ඉදිරිපත් කරද්දී කිසිදු පැකිලීමකින් තොරව ඔහු ඒවා පිළිගැනීමයි......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now