❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥......
.
.
.
.
." ඒ සී එක දැම්මද යූසේ ......."
" හ්ම්ම්ම්........"
ශාන් යූසේගේ පපුව මතින් හිස තියාගත්තේය .... ආහාර ගෙන අවසානයේ යළිත් නිවසට යන්නේ කීයටදැයි දෙදෙනා අතර බරපතල සාකච්ඡාවක් පැවතුණු අතර ඊට පෙර දෙදෙනාට කොහේ හෝ ඇවිදින්නට යන්නටද දොළ දුකක් ඇතිවී තිබුණි......අවසානයේ ලින්ට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුගේ යතුරුපැදියක් හවස පැය කිහිපයකට ඉල්ලූ ශාන් යීහාට දුරකථන ඇමතුමක් ලබාගෙන රාත්‍රී දහයට පමණ තමන්ව රැගෙන යන්නට පැමිණෙන ලෙස පැවසුවේය........
තවමත් වේලාව මධ්‍යාන දොළහ පසුවෙමින් තිබෙන නිසා ඉතින් යතුරුපැදියෙන් ගමන යන්නට හවස තුනට කාලය වෙන්කරගත් දෙදෙනාම යලිත් ඇදට ආවේය ........
" ආයේ මේ වගේ නිදහස් දවසක් කවදා හම්බ වෙයිද දන්නෙ නෑනේ.....ඒක නිසා අද රෑ දහය වෙනකම්ම මං ඔයා එක්ක ඉන්නවා......"
ශාන් හිතුවක්කාර ලෙසින් කියද්දී යූසේ කිසිවක් කියන්නට ගියේ නැත.....ඔහුට කැමැත්තක් කරගන්නට ඉඩදී නිහඬව බලා සිටින්නට යූසේ තීරණය කරේ ආරක්ෂාව පිළිබඳව පමණක් සැලකිලිමත් වෙන්නට හිතාගෙනයි.......ඇත්තෙන්ම කියනවනම් ඉතින් ශාන් අසලදී පමණක් තමන් සැනසෙන නිසා ඔහු තමන් ළඟ රඳවා ගන්නා කාලය විනාඩියකින් හෝ වැඩි කරගන්නට ඔහුත් සිහින දකින්නේය .........
" කවද හරි අපි දෙන්නා එකට ජීවත් වෙන දවසක මෙහෙම සැනසිමෙන් ඉන්න පුලුවන් නේද ......"
යූසේගේ අතක තමන්ගේ අත පටලවාගෙන ශාන් කියද්දී යූසේ ඒ අත මතින් හාදුවක් තැබුවේය ....ඒ අනාගතයට ෂාන් ලෙසින්ම තමන් තමන්ද පෙම් කලත් මේ සියලු ගැටලු අවසානයේ තමන්ගේ ඉරණම කුමක් වේවිදැයි කියා කියන්නට යූසේවත් තවම දන්නේ නැත.......
පුළුවන් තරම්.........උපරිමයෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට දැන්නම් ඔහු ප්‍රවේශම් වන්නේය ...
" ඇයි ඉතින් කතා නැත්තේ........මෙහෙම ඉන්න පුළුවන් වෙයි නේද......."
ශාන්ගේ ප්‍රශ්නයත් සමගින් අනාගත සැලසුම් පිළිබඳව කල්පනා කරමින් සිටි යූසේ පපුව මත මුහුණ තියාගෙන මුහුණ ඔසවාගෙන තමන් දෙස බලාගෙන සිටින ශාන්ගේ නලල මතින් හාදුවක් තැබුවේය ....
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥