18..... සැකයේ ආරම්භය......♟️

1.7K 392 178
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.

"හ්ම්ම්........දැන් ඔයා කිව්වනේ පළවෙනි සතියේ කිසිම කෙනෙක් කිසිම දෙයක් කිව්වේ නෑ කියලා.....පළවෙනි සතිය ඉවර වුණාට පස්සේ දෙවැනි සතියේ මොනවද සිද්ධ වුණේ?......"

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එලෙසින් අසද්දී ශාන්  පෙරටත් වඩා බරපතල බවක් මුහුණට ආරූඪ කරගෙන ඔහු දෙස බැලුවේය........

", ඊට පස්සෙ.....................

**

............... මට කෑම අරගෙන මූණු වහගෙන එන එවුන් පවා කලබල වෙලා හිටියා.. උන් කියපු විදිහට මාව මරණ එක ඉක්මන් කරන්න ඕනෙ වෙලා..... සැරින් සැරේ කෑම අරගෙන එන අය කියපු දේවල් වලින් තමයි මම තේරුම් ගත්තේ......ඒත් තවත් දවස් තුනක් විතර ගියාට පස්සේ එකපාරටම මම හිටපු තැන මාරු කරා........"

" ඒ කොහොමද ......ඔයාව කොහොමද වෙන තැනකට අරගෙන ගියේ........"

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තරමක් කලබලයෙන් ඇසුවේය......

" මං කොහොමද ඒක කියන්න දන්නේ.......ලෙන්සුවක් මගේ මූණට තද කරලා මාව සිහි නැති කරා.....ආපහු මම සිහිය එනකොට හිටියේ වෙන තැනක....."

ශාන්  මුහුණට කිසිදු වෙනසක් ආරූඪ කරගන්නේ නැතුව එලෙසින් කියද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා කලකිරුණු හුස්මක් පිට කළේය.......දින දාහතරක් පුරාවට මේ පැහැර ගැනීම වෙනුවෙන් ඔහු කොයි තරම් වෙහෙස වුණාදැයි කියා දන්නේ ඔහු පමණකි.....කිසිම හෝඩුවාවක් හොයාගන්නට නොහැකිව පරීක්ෂණයක් මේ ලෙසින් අසාර්ථක වූ පළමු වතාව මෙය යැයි කීවොත් නිවැරදිය..... දැන් පැහැරගත් පුද්ගලයා නිරුප්පද්‍රිතව ඇවිත් සිටියත් ඔහු කිසිවක් හරියටම කියන්න දන්නේ නැති වූ විට ඒ අසරණ බව තවත් වර්ධනය වී ඇත.....

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now