❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️🔥❤️🔥
.
.
.
.
." ඒ හීරෝ.............."
ශාන් කොලේජ් එකට ගොස් නිවසට පැමිණ වාහනය වාහන අංගනයේ නතර කර නිවසට ගොඩ වුණා පමණි......ආලින්දයේ සුව පහසු අසුනක වාඩි වී සඟරාවක් කියවමින් සිටි ෂියෙන් කෑගසද්දී ශාන් ඔහු අසලට ගියේය ....
", මොකෝ පෙරේදා ඩිනර් අවුට් එක කැන්සල් කලේ...... පට්ට ප්ලේස් එකකට යන්නනේ හිතාගෙන හිටියේ........"
ෂියෙන් එලෙසින් කියද්දී ශාන් සිනාසෙමින් ඔහු අසලින්ම වාඩිවුනේය ......
" මාම්ස් පොඩි කේස් එකක් දැම්මනේ...... ඉතින් එයාව ෂේප් කරගන්න ඕන හින්දා නූඩ්ල්ස් එක හදන්න කියලා කට ගත්තා විතරයි.......ඩිනර් අවුට් එකට යමු කියන එක ඇහිච්ච ගමන් ආපහු මූණ අමුතු කරගත්තා......දන්නැද්ද ඉතින් එයාවත් ශේප් එකේ තියාගන්න එපැයි......."
අතේ පයේ හිරි අරිමින් ශාන් එලෙසින් කියද්දී ෂියෙන් සිනාසුනේය ...
" ඒක හරි ඒක හරි… අන්න එහෙම ගානට ඉන්න ඕන......"
ෂියෙන් මහා අනර්ඝ උපදෙසක් ලබා දෙන ලෙසින් එලෙසින් කියද්දී ශාන් ඇසක් ඉඟිමැරුවේය ......
" ටික දවසක් යනකන් රෑට එළියට යන එක පොඩ්ඩක් අඩු කරනවා.....නැත්තං එයා අසනීප වෙනවා.....ඊට පස්සේ අසනීප වුණේ මං හින්දා කිය කිය මාව කන්න හදනවා........"
ශාන් සෙල්ලක්කාර ලෙසින් කියද්දී ෂියෙන් එය නම් අනුමත නොකරන බව අඟවන්නට මෙන් දෙපසට හිස සැළුවේය.....
",එයාලා එහෙම කරන්නේ ඔයාව යටත් කරගන්න හිතාගෙන....... එතකොට මෙල්ල වෙනවා කියලා දන්නවනේ.......... "
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥