50... ඇස් පනාපිට......♟️

1.6K 388 379
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

.
.
.
.
.

** හිටපු අමාත්‍ය ෂියාඕ සොන් ගේ එකම පුතුන් ෂියාඕ ෂියෙන් වෙනුවට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ඇත්තක්ද........

** කටකතාවක් ලෙසින් පැතිරෙන මෙම පුවත සැබෑවක් වෙනවා නම් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව දරන්නේ සුබවාදී ආකල්පයකි......

** අධ්‍යාපනය අතින් උනත් හොඳ මට්ටමක සිටින ෂියාඕ ශාන් රටට වැඩක් කරන පුද්ගලයකු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.......

** අවුරුදු හැටට වැඩි ගැටලුව නිසා මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නට නොහැකි බොහෝ ඇමතිවරුන් ඔවුන් වෙනුවෙන් ආදේශක මේ වන විටත් ඉදිරිපත් කර තිබුණත් ෂියාඕ ෂියෙන් තවමත් නිහඬ මන්ද.........නාමයෝජනා භාරදීමට ඉතිරිව ඇත්තේ තවත් දින දහයක කාලයක් පමණකි.......

" මේ ශාන් අයියා......... අදත් ඉතින් උදේ ඉඳලම ඔයා ගැන තමයි කතාව......"

හෝටල් කාමරයේ බැල්කනියට වී හිස් අහස දෙස බලාගෙන බර කල්පනාවක සිටි ශාන් ඔහු අසලින්ම අසුන්ගත් හොන්ෂිගේ අතේ ඇති ටැබ් එක දෙස බැලුවේය ........පසුව යලිත් අහස දෙස බලාගත්තේය .....

" මොනවා නැතත් කට කතාව නම් පතුරවලා පතුරවලා තියෙනවා ලෙසටම...... "

ඒවා යළි යළිත් කියවමින් හොන්ෂි කියද්දී ශාන් සිනාසුනේය ....ඒ සිනහව තුළ ඇත්තේ වේදනාවකි. පරාජිත බවකි , කළකිරීමකි........

" තව දවස් දෙකක් විතර යනකොට ඕක ඇත්තක් කියලා මිනිහම කියයි......බලාගෙන යනකොට හොංචියෝ දේශපාලනය කියන්නේ තනිකර රඟමඩලක්.........."

ඈත අහසටම දෙනෙත් යොමු කරගෙන ශාන් එලෙසින් කියද්දී හොන්ෂි බර හුස්මක් පිටකලේය ...

" එතකොට ලින් අයියගේ පපාට හැට පැනලා නැද්ද ශාන් අයියා......"

",නෑ.......මිනිහට තාම පනස් ගානක්......අනික ඒ මනුස්සයාගෙන් පස්සේ පවුලේ කවුරුත් දේශපාලනය කරන්න ඕන නෑ කියන අදහසේ තමා මිනිහා ඉන්නේ...... "

" හ්ම්ම්ම්........"

එතනින් එහාට දෙදෙනාම අතර පැවතියේ දිගු නිහැඬියාවකි ..... ශාන් සහ හොන්ෂි යීහාගේ දැඩි විරෝධය මැද සති තුනකට සිංගප්පු ඇවිත් මේ වන විට සති දෙකකුත් දින හතරක් ගත වී අවසන්ය........යන්නට තියෙන සෑම තැනකම ඇවිදිමින් , සවස් වන විට නැගිටින්නට බැරි වන තරමට මත් වෙමින් , පහුවෙනිදා දහයට එකොළහට පමණ නැගිට යළිත් සංචාරය කරමින් ශාන් ගෙවී ගිය දින ගණනාව ඔහුට අවැසි ලෙසින් ගත කළත් තමන් අසලම සිටින හොන්ෂිව පරිස්සම් කිරීමත් හරි අපූරුවට සිදු කළේය......

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now