❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
ඒක හරිම ලස්සනයි ........❤💚💛.
.
.
.
.
." හෙලෝ ෂියෙන් පපා .........."
" ඔහ්........චන්දෙන් දිනපු අලුත් ඇමතිතුමාට මාව මතක් වෙලා තියෙන්නේ....."
දිවුරුම් දීමේ කටයුතු අවසන් වී යළිත් නිවසට පැමිණි පසුව යීහා ෂියෙන්ගේ තර්ජන ගර්ජන පිළිබඳව පැවසූ අතර ඒ සියල්ලට නිහඬව සාවදානව ඇහුම්කන් දුන් ශාන් ෂියෙන් හට දුරකථන ඇමතුමක් අරගත්තේ නිවසෙහි සියල්ලෝම ලහි ලහියේ සවස උත්සවයටත් සූදානම් වන මොහොතකයි.........
ශෙරීන් , මියැන් පවා අද මෙහි ඇවිත් සිටින අතර දිවුරුම් දීමේ කටයුතුවලින් පසුව ෂිජින් ශාන්ලා සමඟින්ම යලිත් මෙහි ආවේය ....
ෂියෙන්ගේ උපහාසය පිරුණු වචන කිහිපය තුළ ඔහුගේ කෝපය හරි අපූරුවට ගැබ්වී තිබෙන බව තේරුම් ගත්තත් මේ ප්‍රතිචාරය මේ ලෙසින්ම බලාපොරොත්තුවෙන් සිටි ශාන් කලබල වෙන්නට ගියේ නැත.. ඔහු දුරකථනයත් කනේ ගසාගෙන යූසෙ අසලට ඇවිද ආවේය ........ ඔහු ප්‍රධාන ගේට්ටුවට මඳක් මෙහා ඉන්න ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙක් සමඟ අද සන්ධ්‍යාවේ පැවැත්වෙන උත්සවය ආරාධිත අමුත්තන්ගේ නම් ලිස්ට් එක පරීක්ෂා කරමින් බර කතාවකයි.....
",හවස උත්සවේට එන්න ෂියෙන් පපා ........"
අනෙක් පස්සෙන් අවඥා සහගත සිනහවක් සමගින් ඔහු පැවසූ කිසිවක් කනකට ගන්නේ නැතිව ශාන් කියද්දී ෂියෙන්ගේ කෝපය තවත් වර්ධනය උනේය ...
" මම එන්න..........ඔයා මටවත් කියන්නේ නැතුව ඔය ගෙදර උත්සවයක් ලෑස්ති කරපු එකේ තේරුම මොකක්ද ශාන් .... ඔයා හොඳටම දන්නවා මම හෙට ග්‍රෑන්ඩ් පාටි එකක් ලෑස්තිකරන්න හිටියේ කියලා ............"
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥