මිනිස්සු ආදරේ වෙනුවෙන් පැය ගනන් බලන් ඉන්නවා සති ගනන් මාස, අවුරුදු ගනන් බලන් ඉන්න මිනිසුන් අතරේ තවත් සමහරු ආත්ම ගානක් බලන් ඉන්නවා..ඒ හැම දේම තමන්ගෙ හිතට දැනුන ආදරේ වෙනුවෙන්..තමන්ගෙ හිත ඉල්ලන ආදරේ වෙනුවෙන්..
රශ්මික කියන්නේ අවුරුදු ගානක් තමන් ආදරේ කරපු පරිස්සම් කරපු ආදරවන්තියව හෙව්ව කෙනෙක්..කාලෙකට කලින් හදිස්සියේම මගෑරුන ඒ ආදරේ කේසර එක්ක රශ්මික පුලුවන් හැම විදිහෙන්ම හෙව්වා..අහම්බෙන් හරි සෙව්වන්දිව හම්බුනත් ඒ වෙද්දිත් එයා ලස්සන ජීවිතයක් පටන් අරන්..
" මේක කාල හිටපන්.."
" කන්න බෑ බං..සැර ජාති මුකුත් නැද්ද බොන්න.."
" ඉස්සල්ල කාල ඉදාන්කෝ මට උබට කියන්න දෙයක් තියනවා.."
" මොකක්ද.."
" කිව්වෙ දේ කියල කරලා හිටපන් ඉස්සල්ලා.."
කේසර මොකක් හරි වැදගත් දෙයක් කියන්න යන්නෙ කියල තේරුන රශ්මික කන්න ගත්තේ කෑවොත් තමා කියන්න තියන දේ දැනගන්න වෙන්නෙ කියලා තේරුන නිසා.." ඇති මට..දැන් කියපන්කො කියන්න තියන දේ.."
" උබට මතකද සෙව්වන්දි අන්තිමය හම්බුන වෙලාව.."
" කවදාවත් අමතක කරන්න බැරි දෙයක් ගැන නෙ බං උබ ඔය අහන්නේ..මොකක්ද උබ කියන්න හදන්නේ.."
" සෙව්වන්දි මාව දැකල නැති උනාට මං උබෙ යාලුවා කියල දන්නව නේ..උබට සීන් එක කියල ගියාට පස්සෙ මට කොල්ලෙක් ලිව්මක් ගෙනල්ල දුන්නා..ඒක සෙව්වන්දිගෙන්.."
" ඒක මටද.."
" තොට නෙවේ මට.."
" මොනාද කියල තිබ්බේ.."
" කරන්න කිසිම දෙයක් කරන්න නැති නිසා ඒ තීරණේ ගත්තට ජීවිතේ කවදාවත්ම උබව අමතක කරන්න බැරි වෙයි කියලා.."
" එච්චරද.."
" නෑ.."
" පබසරව බැදල ගිය සතිය ඇතුලත ඒකිට මැරෙන්න හිතුනලූ..ඒත් උබ එයාට ජීවත් වෙන්න හේතුවක් දුන්න නිසා මොන දේ උනත් ජීවත් වෙනව කියලා.."
" මොකක්ද කේසර ඒකෙ තේරුම.."
" මුකුත්ම හිතෙන් නැද්ද උබට..හොදට හිතල බලපන්.."
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Lãng mạn" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..