Part 11 ✽

443 51 1
                                    

කේසර hospital එකේ ඉදල ගියත් හරි දිනූ සැරි සැරේ කෝල් කරලා කේසරට එක්කන් යන්න එන්න කියාලා කරදර කරා..දිනූ රෑ වෙලා ඉන්න බෑම කිව්ව නිසා කේසර හවස hospital ගියාම දිනූව ගෙදර එක්කන් ආවා..ඒ වෙද්දි දිනූට උනත් ගොඩක් දුරට අඩු වෙලා තිබුනේ..

" මං දැන් යන්නම් ඈ.."

" අනේ තව ටිකක් ඉදලා යනවකෝ.."

කේසර ඉන්නෙ දිනූල ගෙදර දිනූගෙ කාමරේ..හවස එයාව ගෙදර එක්කන් ආවත් හරි තාම දිනූ කෙසරට ගෙදර යන්න ඉඩ දුන්නෙ නෑ..මේ වෙද්දි රෑ නවයත් පහු වෙලා..

" දැන් රෑ වෙලා නේ බං තියෙන්නෙ..හෙට එන්නම්.."

" ම්හුක්.."

දිනූ ඉන්නෙ ඇදේ දිගා වෙලා බෙල්ල ලගටම බෙඩ් ශීට් එක පොරවගෙන..කේසරත් ඒ ලගින්ම ඉදගෙන ආව වෙලාවෙ ඉදන් දෙන්නත් එක්ක ටික් ටොක් බලනවා..

" මේ ඇති ඇති ඕව බැලුවා..ලෙඩ නේද උබට ඔච්චර ෆෝන් එක දිහා බලන් ඉන්න හොද නෑ..."

" අනේ දෙන්න..wang yiboooooooooo..."

" මොන ඉබ්බෝ.."

" ඉබ්බො නෙවේ අනේ.. wang yiboooo.."

" අනේ මේ ආයෙ ඉබ්බෙක් බලන්න ඕනි නෑ මෙන්න මෙහෙ දෙනව ඕක.. "
කේසර දිනූගෙන් ෆෝන් එක උදුරන් මේසෙ උඩි තියද්දි දිනූ මූණ එල්ල ගත්තෙ එයාට wang yibo ගෙ ටික් ටොක් බලන්න දෙන්නෙ නැති නිසා..

" නැගිටපන් කන්න.."

" කන්න බෑ.."

" අපරාදෙ උබව දාලා එන්න තිබ්බෙ මට අර hospital  එකේ හොල්මන් එක්ක.."

" ඒ ඇත්තටම හොල්මන් ඉන්නවද.."

" ඔව්..නොකා ඉදල ලෙඩ වෙලා ආයෙ පල හොල්මන් ලගට.."

" නෑ නෑ මං කන්නම්.."

" පොඩි එකෙක් වගේ ඕයි..මහ ලොකු ඉස්කෝලේ සර්.."

" අනේ මේ.."
කේසරට රවන ගමන් දිනූ නැගිටලා ඇදෙන් ඉද ගත්තා..

කේසරගෙ කතාව ඇත්තනෙ ඉතින්..පොඩි එකෙක් වගේනෙ හැසිරෙන්නේ..මෙහෙම හුරතල් වෙනව ඉස්කෝලේ ළමයි ඒම දැක්කොත් හිනා වෙයි..ඇයි ඉස්කෝලේ ඉන්නෙ වෙනම දිනූ කෙනෙක්නේ..ඉස්කෝලේදි දිනූ මිහිගු සර්ව ආවේශ කර ගන්නව නේ..විනෝද් දෙව්නම් දැන් දිනූගෙ මේ පැති දෙකම දැකල ඉවරයි එයාලට ඉතින් දැන් ඒ ගැන දැන් එච්චර ගනක් නෑ..

පිහාටුවක් සේ 🤍 ( yizhan )Where stories live. Discover now