" සර්...අනේ නැගිටින්නකෝ.."
කලන්තෙ දැම්ම දිනූව විනෝද් උස්සන් ගිහින් පුටුවෙන් තියලා වතුර ටිකක් මූණෙ ගාද්දී දිනූ ටික්කින් හෙමීට ඇස් ඇරියා..
" වි__නෝද්.."
" ඕ විනෝද් තමා..මොකද අප්පේ මේ.."
" ම්හුක්.."
" හේ හේ ඉස්කෝලේ ඉන්නෙ ඒයි හුරතල් වෙන්න එපා ළමයි බලන් ඉන්නවා.."
දිනූ උහුක් උහුක් ග ගා හුරතල් වෙද්දි විනෝද් ඉන්න තැන මතක් කරද්දි තමා දිනූට උන දේ මොලේට ගියේ..වට පිට බලද්දි දිනූ වටේට පංතියේ ළමයි ඔක්කොම වට වෙලා..
" ම්_මං හොදින් ළමයි..ගිහින් ඉද ගන්නකෝ.."
දිනූ අතෙන් නලල දෙපැත්ත මිරිකන ගමන් පුටුවෙ කෙලින් වෙලා වාඩි වෙද්දි පංතියෙ ළමයි සර් කියන දේ අහලා ගිහින් වාඩි උනත් විනෝද් වගේම දෙව් කන්න වගේ සර් දිහා බලාන නොයා නතර උනා.." මේ බොරුව දාන්න එපා ඔයාට උන හොදටම.."
" ඔව් සර් බෙහෙත් ගත්තනම් හරි.."
විනෝද් සර්ගෙ කනට කරල කියද්දි දෙව්ත් එයාට හව්ල් උනා..
" ටික්කින් මේක ඇරිල යයි විනෝද්.."
තාමත් අමරුවෙන් ඉන්න දිනූ එහෙම කියද්දි විනෝද්ටනම් තරහ ගියේ නැතුව නෙවෙයි..
" ඇරිල නෙවෙයි ඇරල යයි ඔහොම හිටියොත්.. කෝ ගන්න අපෙ අයියට කෝල් එකක් ඌත් එක්ක ගිහින් බෙහෙත් අරන් එන්න.."
සර්ට බැන බැනම විනෝද් දිනූගෙ සාක්කුවට අත දාල ෆෝන් එක ගත්තේ කේසරට කෝල් කරල එන්න කියන්න..
" එපා ළමයෝ කෝ දෙන්න ඕක මෙහෙට..ම්ම්හ්.."
දිනූ විනෝද්ගෙන් ෆෝන් එක ගන්න නැගිටින්න හැදුවත් එයා ආයෙත් ඇග පන නැතුව පුටුවෙ ඉන්ද උනා..
" අහ් මේක ඇරල දෙන්න.."
මහ ලොකුවට අයියට කෝල් කරන්න දිනූගෙ ෆෝන් එක ගත්තට..විනෝද් දිනූගෙ password එක දැනන් හිටියෙ නෑ එ නිසාම ආයෙ දිනූට ෆෝන් එක දෙද්දි දිනූ ඒක අරන් සාක්කුවේ දා ගත්තා..
" ඔය මොකද..ගන්න කෝල් එකක් අයියට.."
" ඕනි නෑ විනෝද් නිකන් කේසරට කරදර කරන්න..මට අමාරුවක් නෑ..ටිකක් ඔලුව තියන් ඉන්නම්..ඔයාල ගිහින් ඉද ගන්නකෝ.."
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Romance" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..