Part 8 ✽

588 63 5
                                    

කාලය ගෙවිල ගිහින් මේ වෙද්දි කේසරල ගමට ඇවිත් මාසයක් වෙනවා..කොළඹ ජීවිතේට වඩා ගොඩක් වෙනස් උනත් එයාල ගමේ ජීවිතේට ගොඩක් ආස කරා..දිනූ වගේම දෙව් මේ වෙද්දි ඒ දෙන්නට නැතුවම බැරි යාලුවො දෙන්නෙක් වෙලා මොනා උනත් විනෝද් එයාගෙ සර්ට ගරු කරන්නත් අමතක කරේ නෑ..

ඔය හැම දේම අතරෙ රශ්මිකට එයාගෙ ආදරේ ආයෙත් හම්බුනා..දිනූ වගේම කේසර කතා උන විදිහට රශ්මික සෙව්ටයි එයාගෙම ලේ ඇගේ දුවන ඒ පුංචි කෙල්ලටයි හෙමීට ලන් උනා..

" සරෝ....කෝ ඔයා අයියගෙ දිනූ..."

" දිනූ..."

" මොකද ඒයීලා කෑ ගහන්නෙ..."

" යන්කෝ.."

" කොහෙද.."

" අනේ කොහෙද අහන්නේ නාන්න යන්.."

ගිනි මද්දහනේ අල්ලපු ගෙදර කොල්ලො තුන්දෙනා දිනූගෙ ගෙදර ඇවිල්ල බෙරිහන් දිදී දගලන්නෙ නාන්න යන්න..ඇවිල්ලනම් ඉන්නෙ නිකන් නෙවෙයි ටවල් ඇදුම් බාල්දි සබන් ශැම්පො ඔක්කොම අඩු නැතුව අරගෙන..

" මේ අව්වෙ කොහොමද අප්ප නාන්න යන්නේ.."

" කකුල් දෙකෙන්.."

" අනේ මේ කේසර මටනම් බෑ අව්වෙ කර වෙන්න යන්න හවස් වෙලා යන්.."

" ම්හුක් බෑ දැන් යන්.."

" මාත් ආවෝ... යන් කෝ යන් නැද්ද සර්.."

අඩුවට හිටිය ළමයත් කොහෙදෝ ඉදන් දුවන් එද්දි දිනූටනම් තේරුනා අද මේ හතර දෙනාගෙන් ගැලවෙන්න වෙන්නෙ නැති වග..

" යන් නේ ඔයාගෙ බඩුත් අරන් එන්නකො සර්.."

" අනේ මංද විනෝද් ඔයලා..මං කලු උනොත් ඒම සුදු වෙන්න ක්‍රීම් එක අරන් දෙන්න.."

" අප්පෝ ඕක මොකක්ද අපෙ අයිය අරන් දෙයි එකට දහයක් උනත්.."

" ඉන්නවකො ඒනම් නංගියි බබයි එක්කන් එන්නම්.."

" දිනූ එයාල එක්කන් එන්න එපා අව්ව සැරැයි නෙ.."

" හ්ම්ම්ම්.."

රශ්මික කිව්ව කතාවට ලස්සන හිනාවක් දීගෙන දිනූ ගියේ ගේ ඇතුලට..ගෙව්න ටික දවසට දිනූට හොදටම තේරුන දෙයක් තමයි රශ්මික එයාගෙ නංගිට වගේම චූටි කෙල්ලට නොසෑහෙන්න ආදරේ වග..ඉතින් මේ වෙද්දි මස්සිනාල දෙන්න හරි එකතුයි..

පිහාටුවක් සේ 🤍 ( yizhan )Where stories live. Discover now