දිනූ නාගෙන ඉක්මනට ඉක්මනට ගෙදර දුවන් එද්දි..
" මොකද ලොකු පුතා මේ.."
දොරකඩ ඉදන් හිටිය අම්මා නැගිටින ගමන් ප්රශ්න කරත් දිනූ මුකුත් නොකියා කෙලින්ම දුවන් ගියෙ කාමරේට..
" ලොකු පුතා ඇරපන් මේ දොර..මොකද උබට උනේ හිටි හැටියේ..කරදරයක්වත් උනාද.."
" නෑ නෑ..ඔයා යන්නකො අම්මා මං හොදින්.."
" හොදක්නම් දැක්කෙ නෑ ආව විදිහෙන් මූණත් එක්ක රතු වෙලා දාඩියත් දාලා.."
" ඒ අව්වට අනේ..ටිකක් නිදා ගන්න ඕනි මට.."
" කාටද ලොකූ උබ ඔය බොරු කරන්නෙ ඉතින්..හා හා නිදාගනින්කො.."
දිනූගෙ කාමරේ වහලා තිබ්බ දොර ලග ඉදන් දොස් තිබ්බ අම්මා යන්න යද්දි දිනූ ඇදේ මුනින් අතට පෙරලුනේ තෙත කොණ්ඩෙ පිටින්ම..
" අනේ............."
දිනූ කෑ ගැහුවෙ මූණට කොට්ටෙ තද කරන්..ටිකක් වෙලා එහෙම්ම ඉදලා දිනූ මූණෙන් කොට්ටෙ අයින් කරලා නැගිට්ටා..ජැනේලෙ ලගට ගිය එයාගෙ ඇස ගැටුනේ එයාගෙ කාමරේ දිහා බලන් ඉන්න කේසරව..කේසර එයාගෙ කාමරේ ජනේලෙ ලගට වෙලා දිනූ දිහා බලන් ඉද්දි දිනුත් ඒ දිහා බලන් වැව ලග උන දේවල් එකින් එක මතක් කරන්න ගත්තා..
" ඉවරද නාලා.."
කේසර ඇහුවෙ වතුරෙන් ගොඩට එන දිනූට ටවල් එක දික් කරන ගමන්.." හ්ම්ම්ම්..සීතලයි.."
දිනූ ඉක්මනට ටවල් එක අරන් එයාගෙ ඇග වටේ ඔතාන සීතලට අත් වකුටු කර ගත්තා..
" කෝ මෙහෙ එනවා ඔලුව පිහින්න.."
කේසර දිනූව එයා ලගට අරන් ඇග වටේ එතිලා තිබ්බ ටවල් එක පිටි පස්සෙන් ටිකක් ඉස්සුවේ දිනූගෙ ඔලුව පිහින්න..
" කේසර.."
" ම්ම්ම්.."
" මං මෙතනින් ඔලුව තියා ගන්නද.."
දිනූ ඇහුවෙ කේසරගෙ නිරුවත් පපුවට ඇගිල්ලෙන් අනින ගමන්.." හ්ම්ම්ම්.."
කේසරගෙන් පිළිතුරක් ලැබෙනවත් එක්කම දිනූ කේසරගෙ පපුවෙන් නලල තද කරේ කේසරගෙ සුවද විද ගන්න ලොකු හුස්මක් ගන්න ගමන්..
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Lãng mạn" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..